Ads Top

ඇය මාගේ පෙම්වතිය යි !


ඇය මාගේ පෙම්වතිය යි !

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඒ අම්මාවරුන්ගේ දිනයේ 
හිස් කොලයක් අතේ තියාන 
දස අතේ කල්පනා කළා මං 
ලියන්න යමක් 
නුඹ ගැන හරි ආදරෙන් 
නුඹ ගැන හරි ගෞරවෙන් 
හැඟීම් වදන් වලට පෙරලෙනවා 
හයි ස්පීඩ් යන වාහනයක් වාගේම 
එනමුත් හිතා ගන්න තේරෙන්නෙම නෑ 
කොහෙන් කොහොම පටන් ගන්නද මම 
සුපුරුදු පරිදි පටන් ගත්තා මෙහෙම 
'දන්නවද නුඹ '
ඒත් එතකොටම මට 
මතක් වුණා එකපාරට 
ඔළුවේ කැක්කුමක් ඇල්ලු වග ඇයට 
ඊයේ සවස් යාමයේ සිට 
දන්නවනේ එයාලගේ හැටිය 
ඇරිලා යයි යැයි කිය කියා ඉන්නවා මිස 
නෑනේ බේතකට හේතකට උනන්දුව 
ඉතිං අර ලියැවිල්ල පසෙක ලා මම 
ඇගේ හිසට තෙල් සාත්තුවක් දුනි වෙද නෝනෙකු ලෙස 
' දැන් නං ටිකක් අඩුයි වගේ සුදු පුතේ '
ඒ ඇගේ සුපුරුදු අතිශෝක්ත වචන 
මීට කලිනුත් අනන්ත අසා ඇත මම 
අම්මලා එහෙමයි හැමතැන 
දරුවන් අංක එක යැයි සිතන 
ඉතිං මම මෙය ලිව්වා අද දින 
සුපුරුදු පරිදි දුම්රියෙන් එන මග 
අම්මලාට සලකන්න හැබැහිනුත් පුළුවන් බව 
බුකිය ජීවිතය කරගත් දරුවන්ටත් කියා දෙන්න සොයුර !

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.