Ads Top

උභතෝකෝටික ගැටළුවක්


උභතෝකෝටික ගැටළුවක් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

දයාබර දෙවියනී 
උඹ මෙලෝ රහක් නෑ බං 
කියවා ගන්නේ නම් උඹ මේ ලොව මැව්වේ උඹය කියා 
මවපංකො සමබර වෙන්න හොඳ නරක 
අසමජ්ජාතියෝ රැලකට එකම එක වීරයෙක් 
උන්ව නැති බන්ගස්තාන වෙන්න 
හරියට ඇමරිකන්කාරයගෙ බයිස්කෝප් වල වගේ 
උඹ මවන්නේම අසමජ්ජාතීන් රැලකට එක පොන්නයෙක් 
ඉතිං කොහොමද ඕයී තමුසේ ලෝකේ මවපු දෙවියන් වෙන්නේ
එහෙම නැත්තං මං 
කර්මය ගැන යෝජනාවක් කරන්නම් 
මිනිස්සු විඳවද්දී උන්ගේ පව්, 
උන් විඳවන්න හේතුව උන්ට අනුන්ට දැනෙන විදියක්
ඒහෙම සිස්ටම් එකක් හදන්ඩ 
ආයි උන්ට එවන් වරද නොකරන්න සිතෙන්නෙම
සහෝදරයා...
ගැටලුව තියෙන්නේ ආන්න එතන 
මිනිස්සු විශ්වාස කරන්නේ කර්මයක් මිස 
ඒක තමන්ට කෝමද මොන විදියකින්ද ඇෆෙක්ට් වෙන්නෙ කියන එක නෙවේ
පෙර ආත්මෙක කරපු පවක් කොහොමද මේ ආත්මේ අහීංසක මිනිහෙක් වෙලා තමන්ට හීනෙකින්වත් මතක නැති වරදට දඬුවම් විඳින්න හිත හදා ගන්නේ. අනිත් එක එතකොට පට්ට අසාධාරණ විදියට ඒ මනුස්සයට සමාජෙන් අනුකම්පාවක් හම්බෙනවා. එතකොට උඹට හිතෙනවා නම් ඒ අනුකම්පාව ලැබීම තමයි උන්ගේ දඬුවම කියලා, මොකද සමහර මිනිස්සු කොයි තරම් අසරණ වෙලා හිටියත් සමාජෙන් ඒ අසරණ බැල්ම ඔවුන් වෙත එනවා දකින්නට කැමැත්තක් නැහැ. ඒත් සමහරු එහෙම නෑ. අනුකම්පාව ලබාගෙනම ඒකෙන්ම ජීවත් වෙන්නයි නිතරම උත්සහ කරන්නේ.. ඉතිං හිතෙනවා නම් ඒක දඬුවමක් කියලා, ඒක පුද්ගලානුබද්ධයි නේද?
සහෝදරයා... 
දැන් දැන් මට තේරෙනවා
මේක උභතෝකෝටික ලෝකයක් බව, කිසිවක් සමබර නැති බව. මිනිස්සුන්ට මිනිස්සුගේ ප්‍රශ්නවත් දෙවියන්ට දෙවියන්ගෙ ප්‍රශ්නවත් යක්ශයාට යක්ශයාගේ ප්‍රශ්නවත් විසඳාගන්නට බැරුව කොහොමද අපේ ප්‍රශ්න විසඳන්නෙ ? ඒත් මෙච්චර දියුණු ලෝකේ, මං කීවේ කොම්පියුටරෙන් සාත්තර කියන කාලේ, අර පව් පඩිසන් දෙන්නේ මොන මොන වැරදි වලටද කියලා බලාගන්න අපේ උන්ට බැරිවෙන්න බෑ. 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.