Ads Top

ක්ශය රෝගියෙකු මෙන් කටයුතු කරමි


ක්ශය රෝගියෙකු මෙන් කටයුතු කරමි

සිත්තම් මායා | අනූ පෙරේරා

එය වනාහී සෞම්ය සඳුදාවකි, කිසිඳු කලබලයක් නැති සියල්ලෝ පොහෝ දිනක මෙන් තම තමන්ට අවැසි කර්ත්ව්යයන් ඉතා උද්යෝගයෙන්, සමගියෙන් කරනු දැකීමට පවා මාගේ නේත්තරා පිං කර ඇති බව මෙනෙහි කරමින් තත්පර  දෙකක නිහඩතාවයක් පවා තැබුවෙමි. හිතවතෙකු නම් කීවේම අපි බාරයක් වෙමු ය කියාමයි. එනමුත් දෙයියන්ට පවා දීමට සතයක්වත් මා අත තිබුණේ නැති බැවින් ඒ අදහස අත හැර දැමුවෙමි. කිසිදා නොහිඳෙන මාගෙ මුදල් පසුම්බිය ට මොනාද දෙයියනේ උනේ යැයි හැඬූ කඳුලෙන් කල් ගත කරන මා වෙත හිතවතා නෝක්කාඩුවට බැලුවේ සර්ලොක් හෝල්ම්ස් මහත්තයා සැක කරුවෙකු දෙස බලන්න වාගෙයි. එන්න එන්නම වැඩි වෙන දෝස මොනාදැයි සොයා බැලීමේ පරම පිවිතුරු චේතනාවෙන්  පහුගිය පහුවුන කෙම්මුර දිනයේ අඳුනක් බැලීමට යාමට මමත් යහලුවාත් කතිකා කරගත්තෙමු. හරි පුදුමයකි! ගිය මාසය පුරාවට හම්බ කල පඩිය බර්මියුඩා ත්රිකෝණයට වැටී නැත, බුලුගොල්ල හංදියේ චිරාග් ඩොක්ටර් අහිංසක මාගෙන් කඩා වඩා ගෙන ඇති බව අඳුනෙන් පෙන්විණි. මාගෙ හිතවතා ගේ දෙනෙතෙහි වූවේ කඳුලු ය. එතරම් සෙනෙහෙවත්තකමක් මා මීට පෙර දැක තිබුණේම නැත.

ටික කලක සිට කැස්ස රෝගයට හිමිකම් කිවූ මා දැන් දැන් පාරේදී, බස් රථයේදී,පංති කාමරයේදී, දුම්රියේදී, පමණක් නොව කාර්යාලයේදී ද ක්ශය රෝගියෙකු මෙන් කටයුතු කරමි. ලොක්කා නම් කියන්නේම නිවාඩු ඇති පදම් ගෙන කැස්ස හොඳ කරගෙන නැවත සපැමිණෙන ලෙසටය. එනමුත් මාගේ සිත කියන්නේම එහෙම උනොත් නාස්ති වන්නේ රටේ ස්රම කාලය නොවෙද කියාලමයි. එනමුත් හිතවතුන් කියන්නේ වෙනමම කතාවකි, ඔවුන්කියන්නේ දැන් දැන් ඔවුන්ට මාගේ සුමිහිරි කැස්ස නොඇසෙන මානයේ මනස ඒකග්රතාව කොටගෙන කිසිඳු වැඩක් කරගත නොහැකි බවයි. මා එතරම් වටිනා පුරවැසියෙක් වූවේ කෙසේද කල්පනා කරමින් දවස පුරා මා ඉදිරියේ ඇති ලැට් පොත්ත පරිඝණය දෙස බලමින් කල් ගෙවමි.. ඒ බව cctv ඔස්සේ බලා කිමද මා සොවින් යැයි අසන සියලු මානව සම්පත් කළමණාකරුවන් වෙනමම සිහිපත් කළ යුතුමය.

කෙසේ නමුත් මේ ගෙවෙන්නේ මාගෙ ජීවිතයේ අවසන් අදියරයන් බව ඇතම් මාගේ අති ප්රේමණීය මිතුරන්ගේ අදහසයි. විටින් විට එය මා හට අමතක වී යයිදෝ බියෙන් නැවත නැවත මරණය සිහිපත් කරන්නට තරම් ද ඔවුන් කාරුණික වූවෝ වෙති. ජාති ජාතී ඔවුන්ගේ ආස්සරය නොඅඩුව මට ලැබිය යුතු බව මවගේ එකම අධිස්ටානය බව ඇගේ ඉඟි බිඟි වලින් මට තේරුම් විය. පෙරදා රාත්රියේ සිහිනෙන් පවා මා දුටුවේ ගජ මිතුරන් දෙදෙනෙකු ෆෙස්බුක් පාස්වර්ඩ් එක හිඟමන් යදිනවා ය. කිමද තොපිට මාගෙ මුරපදය යැයි ඇසූ කල ඔවුන් කීවේ මා මිය ගිය පසු අනෙක් අයද දැනගැනීම පිණිස එකෞන්ට් එකේ රිමෙම්බරින්ග් යන්න දැමිය යුතු බවත් යහලුවෙකු වශයෙන් එය ඔවුන්ගේ පරම යුතුකමක් නොවෙද යන්නත් ය. සිහිනෙන්ම තක්බීර් වූ මා ඔන්න ඔහේ ආ ලෙස මුරපදය sms පයිණ්ඩයක් හරහා දුන්නෙමි. කියන්නට සංතෝසයි මිත්රවරුනි ඔවුන් එය ලද සැනින් දමා තිබුණි, ඒ බව කරන ලද විමර්ශනයකදී හෙලි වූවේ එය සැබෑවට නොදමූ බවත් ට්රයල් එකක් පමණක්ම බවත් සත්ත කළෝය. මගේ කතාව අවසානයි, මේ පට්ට පල් සත්යය කියවූ සැමට ඉස්කෝතුයි.

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.