Ads Top

මං ගැන යාළුවෙක් කිව්වා


මං ගැන යාළුවෙක් කිව්වා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හැම අම්මා කෙනෙක්ම වගේ 
අපේ අම්මත් කියලා තියෙනවා 
ඕනෙවට වඩා වැඩි 
යාළු ආස්සරේ එච්චර හොඳ නෑ කියලා 
එයාලගේ පැත්තෙන් සාධාරණ ඇති 
අපි නොමගට යාවි කියලා 
ඒත් ....
අද මේ, අහම්බෙන් වගේ 
ඇවිල්ලා තියෙන ඊ මේල් පණිවිඩ ටික බලන්න ගත්තා 
මගේ ගජ මිත්තරයෙක් ගෙන් මේල් එකක් ඇවිල්ලා 
සැනසීමක් දැනුනා එක කියෝලා ඉවර වෙනකොට
මොනවා අකුරු වෙනවද නොදැන 
මගේ අත කී බෝඩ් එක උඩ ඔහේ වැඩ 
කොටසක් මෙහෙම උපුටා ගන්නම් 

" හිතට දුකක් වේදනාවක් දැනුනම 
 කාටහරි කතා කරලා හිත නිදහස් කරගන්න කියලා හිතාගෙන 
 ෆෝන් එක අතට ගත්තම 
 ඔළුවට එන එකම අංකය 
 අනුවගේ දුරකථන අංකය 
 දුක පටන් ගන්න කියන්න කියලා හිතාගෙන 
 හලෝ කිව්වට 
 අවසානය අවසන් වෙන්නේ 
 හෙනම ගැම්මකින් 
 සංවාදය ඇතුලේ දුකක් කියවිලා නෑ 
 ඉස්සර කාලේ කරපු ගොන්කම් ටික 
 එක පෙළට 
 මේ අද ඊයේ උනා වගේ 
 මතක් කර කර හිනා වෙලා "

යනාදී වශයෙන් තිබුණා ඉතිං 
සිරාවටම මට හෙනම සතුටක් දැනුනා 
මෙතන සමහර වචන මම ටිකක් එඩිට් කළා 
පොඩ්ඩක් ගලාගෙන යන විදියට 
හැබැයි අදහස අමු අමුවට 
වෙනසක් නැතුව තියෙනවා 
ආදරෙයි උඹට හද පතුලෙන් 
උඹේ කාර්යබහුල ජීවිතෙන් 
විනාඩියක් දෙකක් අරං 
මං ගැන කියලා 
මාවත් මෝටිවේට් කලාට 
ආයෙත් දුකක් දැනුනොත් කතා කරාපන් 
දුක නැතුව අපි දුක බෙදාගමු 
ඉස්සර ගොන්කං 
ආයේ ආයේ මතක් කර කර 

#අනුවා - ල_ _ _ වෙනුවෙන් 
Siththam Maya | Anu Perera. Powered by Blogger.