Ads Top

ඉස්කිටුරේ දෙමු - ආන්යාගේ පැහිච්චකම් I


ඉස්කිටුරේ දෙමු - ආන්යාගේ පැහිච්චකම් I 

සිත්තම් මායා | අනූ පෙරේරා 

පිළිවෙලට හදපු කාමරේට වෙලා නිවාඩු දවසේ සැපට පොතක්බ දාගෙන ඉන්නකොට, අක්කගේ අඩි උස සෙරෙප්පු දෙහෙකුත් දාගෙන අයියගේ පොඩි එකා 

කාමරේට ඔළුව දැම්මා. ඊටපස්සේ................... 

" මැඩම් මං එන්නද ? "

සාමාන්‍යයෙන් එයා එහෙමයි. drama queen කෙනෙක්. එයාගේ විදියට මාත් ඔට්ටු නිසා ඔය හැම සෙල්ලමම මාත් එක්ක තමයි දාන්නේ. 

" ඔව් චූටි මිස් , කියන්න "

" පොඩි හදිස්සියක් " 

" මොකද්ද අප්පේ.... ? "

" මැඩම් මේ ඉස්කිටුරේ අරං එන්න කිව්වා "

" කවුද ? "

" අර ඉරුසි ආන්යා කියන චූටි බබා "

" ඒ බබාට මොකටද ස්ටිකර් "

" නෑ... ඒ .... ඉස්කෝලේ පොත් වලට දාන්නලු "

" ඉතිං එයාට ඇවිත් ඉල්ලන්න තිබ්බනේ , ඇයි මිස් ආවේ? "

" එයාට පොඩි ප්‍රශ්නයක් "

" මොකද්ද ? "

" අර ඉස්සෙල්ලා පොල් කුඩු වගයක් අතේ තිබුණේ ? "

" ඔව් ඔව්... ඉතිං "

" ඒක ගේ අතුල්ලේ හලලා "

" හප්පා... ඉතිං ? "

" ඔව්.... එයාගේ අම්මා බැනලා "

" පව් අනේ... "

" ඒක තමයි, අපි ඉස්කිටුරේ දෙමු "

" ඇයි ඒ ? "

" පව්නේ "

#අනුවා - පොඩි උන් එක්ක කතා කරලා බේරෙන්න පුළුවනයෑ 
Siththam Maya | Anu Perera. Powered by Blogger.