Ads Top

Anu donated Blood 6


Anu donated Blood 6

සිත්තම් මායා | අනූ පෙරේරා 

අපි කවදා 
කොහොම 
මැරෙයිද කවුද දන්නේ 
මේ ගත වෙන 
නිමේශයත් 
විශ්වාස නෑ 
ඉතිං කොහොමද 
උඹලා 
නොමියෙන මිනිස්සු ගාණට 
ජීවත් වෙන්නේ 
යනකොට ගෙනියන දෙයක් නෑ බොලව් 
කියලා 
බොහෝ පණ්ඩිත උන් කියාවි 
කටින් 
නොවේ ක්‍රියාවෙන් 
යනකොට ගෙනියන්න දේවල් අවශ්‍යම නම් 
කරපන් මේ දේවල් 
ආත්මාර්ථකාමී ජිවිත වලින් 
ටිකක් එලියට බැහැලා බලපන් 
ලංකාව පුරා 
රුහිරය හිඟමින් 
කීදාහක් ඉන්නවද කියලා 
සමහරවිට උඹලට වෙලාව නැතුව ඇති 
නැත්තම් බය ඇති 
නැත්තම් උඹත් එක්ක සපෝට් එකට යන්න 
කෙනෙක් නැතුව ඇති 
උඹලගේ ඔය හේතු හොඳටම ඇති 
ඔය නැති වෙලාව 
කවදාහරි එළියට ඒවි 
තමන්ගේ එකෙකුට විපතක් උන වෙලාවට 
මේක තවත් එක ඉන්ස්පිරේෂන් එකක් නොකරගෙන 
පුළුවන් නම් ලේ දීපල්ලා 
ෆේස්බුක් එකේ 
ගට් ගන්න තරුණ ජවය 
පෙන්නපල්ලා 
පයින්ට් එකක් ඉස්සරහා 
උඹලට පුළුවන් වේවි 
අසරණ මිනිස්සු පස් දෙනෙකුට ජීවය දෙන්න 
පුළුවන්ද ?

#අනුවා - හයවෙනි වතාවටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු 
Siththam Maya | Anu Perera. Powered by Blogger.