Ads Top

මොට්ට මොළේ


මොට්ට මොළේ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඇත්තට 
අපේක්ෂාවක් 
ගොඩක් මහත් උනාම 
අන්තිමේට 
ඉතුරු කරන්නේ 
දුකක් 
හදවතේ 
කැක්කුමක් 
කියාගන්න බැරි 
අසරණ කමක් 
තේරුම් ගන්ට ඕනෑ 
තමන්ට 
තමන් විතරක් බව 
එතකොට 
අපේක්ෂාව 
අඩු වෙනවා 
ඊටපස්සේ 
දුක නැති වෙනවා 
හැමවෙලාවෙම 
හිනා වෙලා ඉන්න 
පාර විවෘත වෙනවා 
ඕක තමයි 
මේ ලෝක දහම 
කියන්න හදන්නේ 
මනුස්සයා 
කියන 
කකුල් දෙකේ සත්වයාට 
කොහෙද 
තේරුම් ගන්නෙම නෑනේ 
මොට්ට මොළේ 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.