Ads Top

අපිත් හිනාවෙනවා


අපිත් හිනාවෙනවා 

සිත්තම් මායා | අනූ පෙරේරා 

අපිත් වැටෙනවා 
අපිටත් රිදෙනවා 
අපිටත් දුක හිතෙනවා 
අපිත් අඬනවා 
අපිත් නැත්තටම නැති වෙනවා 
හැබැයි ...
මොන දේ උනත් 
අපි
හිනා වෙනවා 
ඔයාලා වගේ 
පොඩි පොඩි දේටත් 
අඩා වැලපෙන්නේ නැතුව 
තියෙන පොඩ්ඩෙන් 
අපි සතුටින් ඉන්නවා
ඒ හින්දා 
සල්ලිකාර ඔයාලා 
අපේ හිනාවට 
ඉරිසියා කරන්න එපා 

#අනුවා  

Siththam Maya | Anu Perera. Powered by Blogger.