Ads Top

කොම්බි - උදය දේවි ආදර කතාව II කොටස


කොම්බි 
උදය දේවි ආදර කතාව 
II කොටස 

සිත්තම් මායා | අනූ පෙරේරා 

2016 - 09 - 19 

ඔව්, දැන් මං කියන්න හදන්නේ උදය දේවි ආදර කතාවේ දෙවෙනි කෑල්ල, හරි දැන් මෙහෙමයි සීන් එක. මම නැවැත්තුවේ ට්‍රේන් එක අල්ලගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන සිද්දීන්නේහ්. ඒ වෙලාවේ මම වම් අත කරකවලා වෙලාව බලනකොට හරියටම වෙලාව සඳහන් වෙලා තිබුණේ පෙරවරු 5 යි 15 ට. කෝම නමුත් මම නැගිට්ටේ 5 ටනේ. එතකොට තේරුම් ගන්න පුළුවන්නේ පැය කාලේදී කරගන්න පුළුවන් හැමදේම මම කරගත්තා කියලා. 

" සචින් මල්ලී නැගිටපන් , මාව කොටුවට ගිහිං දාන් කොල්ලෝ, පැය භාගයයි ඉතුරු "

මං හිතන්නේ උන්දැ උඩ ගිහිං ඇහැරෙන්න ඇත්තේ. විනාඩියෙන් කොල්ලා ලෑස්ති වෙලා ආවා මාව කොටුවට ගෙනෙහින් දාන්ට. 

" අක්කේ මොකෝ ඇහැරෙන්න පරක්කු උනාද ? "

" අඩේ කතා කර කර ඉන්ට වෙලාවක් නෑ බං, ඉක්කනට යන් "

" මං බයික් එක ගන්නද එහෙනං ? "

" ම්ම්ම්ම්.... අනේ.... ම්ම්ම්ම්.... හාකෝ "

සාමාන්‍යයෙන් සචින්ගේ ඩියෝ බයික් එකේ නාමික අයිතිකාරයා විතරයි එයා වෙන්නේ. මාත් එක්ක යන ඕනේ මල ඉලව්වක මං තමයි ඕක පැදන් යන්නේ. අහ්හ් කියන්න අමතක උනා, බයික් එක බයික් එක ගෑවට ඒකෙ පෙට් නේම්ස් එක කියන්ට බැරි උනානේ. " කොම්බි " අනී මගේ සුදු කොම්බියා. හැබැයි ඉතිං සචින්ගේ පාලනේට යටත් වෙනකොට කොම්බිගේ නම වෙනස් වෙනවා " කොම්බන් " කියලා. නම් වල දෙමළ ගතියක් නම් ගෑවිලා තියෙනවා තමයි හැබැයි මට අනුව ඒ නම් දෙකම පංකාදුයි. 

" අක්කේ හයියෙන් අල්ලගන්න එහෙනං "

" මේ කොල්ලෝ පරිස්සමින් යන්ට ඕනෑ , මේ මැරෙන වයසක් නෙවෙයිනේ "

" හරි හරි අක්කේ , මොකට බය වෙනවද , නගින්නකෝ "

පණ ගැහි ගැහි මමත් නැග්ගා. 

" මල්ලී...... "

" ඔව් අක්කි .... ? "

" අනේ පරිස්සමින් ඈ "

" අයියෝ හරි හරි.... "

ඔය කිව්වට මට තඹ සතේකට මේ යකා ෂුවර් නෑ. බයික් එක අතට ගත්තම ආවේස වෙලා වගේ පැ දන් යන්නේ. අර කියන්නේ කනේ වැලි ගෑවෙන්ට නවනවා කියලා. ආන් ඒ වගේ. කොම්බිව ගොඩක් වෙලාවට මම පැදන් යන්ට ප්‍රධානතම හේතුව ඕකයි. දෙයියනේ කියලා ඉතිං මම ඉකොනොමියේ හෙමිට ශේප් එකේ යන නිසා කාටත් කරදරයක් නෑ. 

" මල්ලී..... "

" හරි අක්කියා, පරිස්සමට යන්නේ "

ඉතිපිසෝ ගාථාවත් කිය කියාම මමත් කොම්බිගේ ඇඟ උඩට නැග්ගා. 

.... ඉස්සරහට යමං පුතා 
#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.