Ads Top

Anu - In a deep relationship with _____


Anu - In a deep relationship with _____ 

සිත්තම් මායා | අනූ පෙරේරා 

නුඹ මා අතර බැඳීම 
නුඹ මා අතර ලෙන්ගතුබව 
නුඹ මා අතර සමීපබව 
නුඹේ මගේ අතරට දුර්ජනයෙක් ?
කිසිදාක නෑ 
ඒ තරමට අපේ ආදරේ ශක්තිමත් 
සැබෑවටම මේ ආදරයද ?
මේ හදවතට ඔය හදවත 
ඇදහිල්ලක් 
ජීවිතේ මෙතුවක් කල් 
කිසිඳු මානවයෙකුට නොතිබුණු 
පෙමකින් මා උමතු වෙලා 
නුඹ, මා අසලින් යන 
මොහොතක් මොහොතක් පාසා 
මාගේ හදින් එන්නාවූ හැඟීම 
විස්තර කිරීමට 
හෝඩියේ අකුරු මදි මට 
නුඹ තුළ ජීවත් වන්නා වූ තත්පර ගණන 
වසර ගණනින් මා ජීවත් කරාවි 
නුඹේ මගේ ආලය 
සංසාරේ හුරුවක් ද ?
නුඹ දකිනා වාරයක් පාසා 
මේ හදවත යමෙක් නවතනවා විය යුතුයි 
මේ හුස්ම යමෙක් නවතනවා විය යුතුයි 
මේ රනින් ගෙවෙනා කාලය යමෙක් නවතනවා විය යුතුයි 
හුදෙක් 
මේ යතාර්ථයම සිහිනයක් වෙනවා විය යුතුයි 
මා හිමිකම් කියන දේහයේ 
සෛලයක් සෛලයක් ගානේ 
නුඹට ආදරෙයි 
නුඹ දන්නවාද ?
නුඹේ සමාගම නුඹව බිහිකළේ මං වෙනුවෙන් විතරමයි 
මට මිළදී ගන්නමයි 
ඉක්මනින්ම 
මම නුඹව කැන්දාගෙන එන්නම්  
" මගේ සිහින කාරය "

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.