Ads Top

දුම්රිය ගීතය


දුම්රිය ගීතය 

සිත්තම් මායා | අනූ පෙරේරා 

ඔහු නමින් ප්‍රියංකර 
හරි හමන් වෘත්තියක් නැත 
නමුදු දරුවන් සහ බිරිය රැක බලාගත යුතුව ඇත 
ඔහු අදක්ශයෙකුද 
ඇතම් විට කිසිවෙකු 
ඔහුගෙ දස්කමට නිසි වටිනාකම නොගෙවා ඇතිද 
කෙසේ නමුදු 
ඔබ මම මෙන් 
ඔහුත් 
මේ ජීවන අරගලයේ 
සටන් විරාම රහිතව සටන් කරයි 
පසුම්බිය මුදලින් ඉතිරී ගොස් නැත 
නමුත් ඔහු වෙනුවෙන් 
නොට්ටුවක් දෙකක් වෙන් කරගත හැක 
එසේ නම් මේ හිඟන්නෙක් ද 
ඔබට එහෙම ඇති 
මට නම් ඔහු දක්ශයෙක් 
අනුකම්පා සහිත දෑත 
අප වෙත දික් වන්නේ නිකම්ම නොවෙයි 
රසාස්වාදයෙන් අපව පිනවූවායින් පසුවයි 
එසේ නම් ඔහු සිඟන්නෙක් නොවේ නේද 
ඔහු සැපයුම්කරුවෙක් 
ගණුදෙනුකරුවෙක් වූ මම 
සිතැඟි වටිනාකමක් ගෙවා 
ඔහුගේ සංගීත රසාස්වාදය මිලදී ගතිමි 
ඇතැමුන් නොමිලයේම එය ගත් නමුත් 
අනුවා වෙනස්ම මනුස්ස පරාණයක් 
ඒ හින්දයි 
ලෙවල් එක තියාගෙන 
මනුස්සකම දෝරේ ගලන හිත් පොජ්ජක් 
අනුවට තියෙන්නෙ 
අත පය හතර හොඳට තියාගෙන 
කොල කෑල්ලකින් තමන්ගෙ මුසා දුක කියන 
හිඟන මිනිස්සු ජීවත් වෙන පරිසරයක 
හිඟා කන දක්ශයෙක් දුටුවොත් 
එක රුපියක් පහක් 
ඔහු වෙනුවෙන් තිලිණ කරන්න 
ඔබට සැනසීමක් දැනේවී 

#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.