Ads Top

Suicide Trend එක


Suicide Trend එක

සිත්තම් මායා | අනූ පෙරේරා

යෞවන වියේ
කාලීන මාතෘකාවකි
සියදිවි නසා ගැනීම
කෙල්ල වෙනුවෙන්
කොල්ලා වෙනුවෙන්
මහ පොලවට ජාතක කරපු එවුන්ට
කරනා උතුම් කෙලෙහි ගුණයයි
සියදිවි නසා ගැනීම
අමතක කරන්න එපා
උඹ ඉබේ මේ ගෙන්දගම් පොලවට පහළ උනේ නෑ
උඹ ඉබේ උස් මහත් උනෙත් නෑ
උඹ මිනිහෙක් ගැහැණියක් වීම පිටිපස්සේ
උත්තරීතර දෙපළක්
සැනසුම් සුසුම් හෙලමින්
උඹ වෙනුවෙන් හෙවණැල්ල මෙන් ජීවත් වෙති
ආත්ම ගණනක් උඹ වගේ
පුස්සෙකුට පෙරුම් පිරුවේ
ජීවිතේ සුන්දරම කාලේ
කොහේදෝ යන අවජාතක බල්ලෙක් බැල්ලියක්
නිසා අවසන් කරගැනීමටද ?
එයද උඹේ trend එක ?
නෑ උඹේ මැටි කම, උඹේ ගොන් කම
මොකද උඹට තේරෙන්නේ නෑ
මොළෙන් තීරණ අරං
හදවතින් මනුස්සකම පූජා කරන්ට
එවන් උන් ජීවත් වෙන මුස්පේන්තු යුගයක
අපි කොහොම සැනසෙන්නද ?


#අනුවා

Siththam Maya | Anu Perera. Powered by Blogger.