Ads Top

අනුවව ශේප් එකේ තියාගනින්



අනුවව ශේප් එකේ තියාගනින් 

සිත්තම් මායා | අනූ පෙරේරා 

හපොයි හපොයි 
කාලෙකින් අනුවගේ සිත්තම් මායාවට 
ගොඩවෙන්නට අනුවට අවස්ථාව ලැබුණේ 
ඇයි මේ ? 
අනුවා බිසී ද ?
ඒ වගේ ටිකක් 
fb එකෙත් රස්තියාදු වෙනවා අඩුයි දැන් 
මොකෝ වෙන්නේ ?
අවුරුදු ද ?

නෑ .... නෑ.... 
මම මේ ....

ඔව්... ඔව්... ?
පොඩ්ඩක් විතර කාර්යබහුල උනා 

දැන් ඉවරද ?
නෑ මේ තව ටික කාලෙකට මෙහෙම තමයි 

ඒ මොකෝ ?
නෑ ඉතිං මෙව්වා කොරා කියලා සතයක්වත් මම හම්බ කරන්නේ නෑනේ 

ඇත්ත... ඇත්ත...
ඔහොම කියලා හරියන්නේ නෑනේ ගොඩ යන්න සෙට් වෙන්ට 

කොහෙද බං ඕවට කාලයක් 
මම මවලා දෙන්නම්කො 

උඹටත් නැති කොට ?
උඹට මවන්න කාලේ ඕනේ නිසයි මම මේ කාර්යබහුල වෙලා තියෙන්නේ 

තේරෙන්න කියපන්කො බං 
තේරෙන්න කියන්නම්, දැන්ම නෙවෙයි 

කවද්ද ?
ළඟදීම 

එතකං පොල් ගාන්න ඕනෙද ?
පොලුත් ගාපන් ඕනෙම නම්, හොඳම වැඩේ....

ඔව් ඔව් හොඳම වැඩේ....?
මාව ශේප් එකේ ෆිට් කරගනිං 

අර මොකෝ ?
මොකද මම එහෙව් ෆිට් එකේ ඉන්න එකෙකුටවත් නාස්ති වෙන්න දෙන්නේ නැති නිසා 

#RespectMyself 

#අනුවා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.