Ads Top

Family to JAFFNA I - සුන්දර යාල්දෙවියෙන් උතුරට



Family to JAFFNA I
සුන්දර යාල්දෙවියෙන් උතුරට 

සිත්තම් මායා | අනූ පෙරේරා

( සුන්දර යාල්දේවි දුම්රිය අපව රැගෙන යන අතරතුරේදී )

අහන අහන හැමෝම යාපනේ ගිහිං තියෙනවා. බලන් ගියාම අපි විතරද කොහෙද ගිහිං නැත්තේ. මේ යන විදියට ආපහු යුද්ධයක් ආවොත් යන්නම වෙන්නේ නැති හින්දා අපිත් බඩු ටික පැක් කරගෙන යාපනේ යන්න පිටත් උනා. අම්මගේ උපදිනේ හේතුකරගෙන ගියා කියන්නත් පුළුවන්. පොල්ගහවෙලින් සුන්දර යාල්දේවි දුම්රියට අපි ගොඩ උනේ උදෑසන 7.30 ට . යාපනෙන් බහිනකොට හවස 4 යි. පැය 8 හමාරක විතර ගමනක්. අනුරාධපුරේට එනකං මේ ට්‍රිප් එකේ කිසිම ගතියක් මට දැනුණේ නෑ. ඒකට එක හේතුවක් තමයි  සීයා බලන්න එනකොට හැමදාම වගේ මෙතනට වෙනකම් අපි ඇවිල්ලා තියෙනවා. අනුරාධපුරේට එනකං ට්‍රිප් එකක ගතියක් නෑ. අනික් හේතුව තමයි මේක පවුලේ චාරිකාවක් වීම. යාළුවෙක් කියලා පුළුටක් හිටියේ නැති නිසා පුදුම කම්මැලිකමක් තිබුණේ. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඉතිං මේගැන. මේ වගේ සිද්ධි වලට ඔයාලත් මූණ දීල ඇතිනේ. ඒ බෝරින්ග් එක වැඩියෙන්ම දැනුණේ මෙතන පවුල් සෙට් දෙකකට එකම තනිකඩයා විදියට මම හිටපු එක. අම්මයි තාත්තයි එක පවුලක්, අයියයි නෑනන්ඩියි ආන්‍යා චුට්ටයි තව පවුලක්, බුක් කරපු සීට් හය බෙදුනෙත් ඔහොම. මට එහා පැත්තේ බෑග් ගොඩගහපු නිකං සීට් එකක්. මොනා කරන්නද ඉතිං. කොල්ලෙක් නැති එකේ ප්‍රතිවිපාක තමයි. ( හම්මේ මගේ කට :3 ) ඒ නිසා ගමන අවසානය වෙනකම් මම සහකාරයෙක් හොයාගත්තා මගේ තනිකම නැති කරගන්න වගේම මම මේ ගමනේදී ඉගෙන ගත්ත බොහොමයක් දෑ, මම දැකපු බොහොමයක් දෑ හුවමාරු කරගන්නට. ඒ වෙන කවුරුත් නෙවෙයි ඔයාලා හැමෝම දන්න මුහුණු පොත. අපරාදේ කියන්න බෑ බෝයිෆ්රෙන්ඩ් වගේ ළඟින් හිටියා. සිග්නල් නෑ කියලා දාලා ගියෙත් නෑ. අපේ මේ එෆෙයාර් එකට බොක්කෙන් සපෝර්ට් කරපු මගේ යාළුවො සෙට් ඒකටත් ගොඩක් ස්තුතියි ඈ. ( අප්ඩේට් වෙච්ච ගමන් ලයික් කොමෙන්ට් වලින් ස්ටේටස් එක ගොඩ දාපු සහෝදර සහෝදරියන් ) 

කෝම හරි මම කිය කියා හිටියේ කම්මැලිකම ගැනනේ. අනුරාධපුරෙන් පස්සේ ඒක හරි ගියා. මොකද අනුරාධපුරෙන් එහාට ගියපු පළවෙනි වතාව නිසා. දුම්රිය ස්ථාන වලින් යාල්දේවියට යාපනේට යමනකම් දෙන එනවුස්මන්ට් එක ඇහුවට කවදාවත් ගිහිං තිබුණේ නෑනේ. සහකාර බුකියයි, කනට සිංදුවයි, බලන්න දේවල් ගොඩකුයි එක්ක මගේ කම්මැලිකම ෂේප් එකේ නැතිවෙලා ගියා. ඔය කික් එකේම යාපනේට යනකං ගියා. වේලාව හවස 4 වෙද්දී යාපනේ දුම්රිය ස්ථානයට අපිව ගොඩබාලා අපිව පරිස්සමින් ගෙනාපු සුන්දර යාල්දේවිය තවත් ඉස්සරහට ගියා. මට හිතුණා ' අනේ යන්න එපා ' කියලා කියන්න. යාල්දේවියට මගේ යන හැඟීම අසම්මත ප්‍රේමයකට මුල පුරනවාද යන්න මටත් සැකයක්.... 

පසුවට ලියමි 
- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.