Ads Top

උඹලයි අක්කයි


උඹලයි අක්කයි 

සිත්තම් මායා | අනූ පෙරේරා 

මේ අස්ථීර ලෝකේ 
මටම කියලා බැඳීමක් 
හදාගන්නවා තරම් අමාරු 
වෙන කිසිදෙයක් නෑ
ඊටත් වඩා 
මට එපා කියන්න බැරි තරමට 
උඹලා මට ලං වෙලා 
පණ ඉල්ලුවොත් දෙනවද ?
ඔව් උඹලා දේවි 
මට සහතිකයි 
මොකද 
මම දැක්කා 
මම වින්දා 
උඹලා මාව පරිස්සම් කරන හැටි 
උඹලගෙම කෙනෙක් වගේ 
මගේ ගැහැණු ගත
කාමයෙනේ දැවෙන  
පිරිමි පරාණ වලින් 
හුළඟවත් නොවැදෙන්නට 
කළ පරිස්සම 
උඹලා කවුද ?
නෑ මම කියන්නෑ 
මේ කියන්නේ උඹලට 
ෆැන්ටසි වචන 
උනන්නේ නෑ මට 
උඹලගේ සෙනෙහස 
විස්තර කරන්නට 
දෑතම විදා 
වැළඳ ගන්නට 
බය නෑ ඔය පිරිමි ගත 
මට උඹලව විශ්වාසයි 
හරියටම 
එක බඩවැල කැඩුනා මෙන් 

- අනූ 

Siththam Maya | Anu Perera. Powered by Blogger.