Ads Top

" ජුලියට් නුඹ "


සිත්තම් මායා | ශාන් රණසිංහ 

ජුලියට් නුඹ...
සිටුමැදුරේ ලලනාවී...
දාහක් උඹේ අත ගන්නට...
මාන බැලුවත්...
කොලෝසියමට එහා දේශෙන්...
ආදරේ මටම පූජා කලේ...
කියාපන්,
මේ ඇස් දෙක පිස්සු වට්ටපු...
උබේ බැල්ම...
සදාකාලිකවම මගේම නේද?
උබ නැතුව ගෙවෙන තත්පරෙත්...
මට මහමෙරක් කෙල්ලේ...
නොලැබුනොත් උබේ අත...
පිස්සෙක් වෙයි මම හැමදාටම...
මම අන්ධ වුනා උඹේ ආදරේට...
කෙල්ලේ...
රන්සලුවෙන් හැඩකරපු...
උබේ ඉටි රූපේ...
ආදරේට වඩා මාව පිස්සු වැට්ටුවා සත්තයි...
හිත ගැන පුරසාරම් දොඩවන මට...
උබේ හදවත වන්දනා කරන මට...
ඕනි උබේ ධවල වර්ණ ගල විතරයි...
මම කුස නොවෙයි...
පබාවතියට පෙම් බඳින්නට...
සංසාර ආදරේ ඇයි උබව පොට්ට කලේ...
ලස්සන නිමක් නෑ සුන්දරී...
මොළ ගෙඩිය නැත්තම් පිරී ඉතිරී...
එත් පස්සේ මම බලද්දී...
උබ කාගේත් සුන්දරී...
මගේ පන කිවුව උබට නොදැනුනානම්...
වහ කුප්පියට මෙල්ල නොවුණු...
මගේ පපුව ගැහෙන සද්දේ...
ආදරෙයි මම ආදරෙයි කියා කියා විලාප දුන්නු,
මල් දාහක් ගල් දාහක් තිබ්බත්...
උබ පට්ටම බඩුවක්...

Siththam Maya | Anu Perera. Powered by Blogger.