Ads Top

" හද තනිවීලා "



සිත්තම් මායා | තිළිණ නදීෂාන් 

සමරු පොතේ එක පිටුවක් අද කඩලා
පැරණි මතක අස් කර පිසදා දමලා
සිහින ගොන්න අත පතුලේ ගුලි කරලා
තිසා වැවේ පා කෙරුවා අද නැමිලා


එකට එක්ව හදවත් දැඟිලි  බැඳලා 
හදේ තනිය සිහිලැල් පවනින් තෙමලා
නොයෙන ගමන ඔබ හා මා යමි කියලා
යන්න ගියේ ඇයි මගේ හිත අද තනිකරලා


රන් නොම වටී ඔබ මට පළවෙනි කීවා
වියදම් දෙවනි ඔබ මට පළවෙනි කීවා
ඔය හද වෙනස් උන එක දවසක කීවා
නුඹ මට වටින්නෑ රන් පළවෙනි කීවා


වීදිය දිගේ මම තනියම ගමන් කලා
නෙත හුරු රුවක් මා අසලට ගමන් කලා
මැ මගේ බිරිය යැයි උස් හඬකින් කියලා
යන්නට ගියා මගේ හදවත කොනිත් තලා


සතුට ද දුක ද මගේ හදවත තිගැස්සිලා
පැහැසර පෙමින් දුක් ගිනිවැල් ජනිත වෙලා
සල්ලි වටිනා ඔහු හදවත විසි කරලා
එන්නද අම්මේ පොඩි දු මන් ඔබේ සරලා

Siththam Maya | Anu Perera. Powered by Blogger.