Ads Top

" මුලාවකි සිහිනය "


සිත්තම් මායා | අනූ පෙරේරා

රදලයින් නොවුන අප  
දුප්පතුන්ම වූ අප  
අපගේ සිහින එකිනෙක
රහසේ සිතේ තබාන
දිනෙක අපම හැබෑ කරන
අපටම වුනු පොරොන්දම
අප, අප වෙනුවෙන් කල යුත්ත
වගකීම් පිරි අපගේ සිහින
ඇස් මත තබාගැනීමම වරදක් විය
අමතක විය
හඬන විට දෑස් බොඳ වන බව
අප තබා ගත් සිහින
නවතින්න නවතින්න
සිහින බොඳ වෙයි
අප ඉදිරිපිට බොඳ වෙයි
දෑස් පිසගැනීමට වාරු නැත අපට  
සබඳ කොහි නුඹ
බොඳ දෑසින් සොයමි නුඹ
නුඹේ සුවඳ නොදැනෙයි මට
නුඹේ හදවත නොදැනෙයි මට
සිහිනෙන්ද මා
නැඟිටින්න නැඟිටින්න
නුඹ ඇදෙයි ඈතට
ඈතින් ඈතට
නැවතුනු මසිත
නොනැවතුණු ඔබ සිත
මුලාවකි සිහිනය ...



Siththam Maya | Anu Perera. Powered by Blogger.