" කැඳ නැන්දා "
| අනූ පෙරේරා
ඇය හංදියේ කැඳ කරත්තේ අයිතිකාරි
ඇය හංදියේ කැඳ කරත්තේ අයිතිකාරි
ගිණි අව්ව කකා දහදිය බිබී ජිවත් වෙන කැඳ නැන්දා
ඉලංදාරි පුතෙක් සිටින දයාබර මවක්
දුටුව දා පටන් ඇය ඇගේ සුපුරුදු රස්සාවේ
ජිවත් වෙන්නට ගතමනාව සොයන
පිරිසිඳු කැඳේන් පිරිසිඳු මුදල් සොයන
ධෛර්යවන්ත ගැහැණිය
නුඹ දැන් වයසයි
නමුත් හිත එදා සේම තරුණයි
කැඳ නොබොන මා කැඳ බොන්නෙක් වුනේ
නුඹ කෙරේ ඇති වූ සානුකම්පාව නිසාමයි
නැන්දේ මට ඇත ගැටළුවක්
කිමද නුඹ පුතු පෙනෙන්නට නැත්තේ ?
ඔහුට නුඹ ලජ්ජාවක්වත්ද ?
දසමසක් කුස දැරුවාට ප්‍රති ත්‍යාගද ?
ලේ කිරි කළ හතක මහිමයද ?
දැන් හැදෙන උන් ඔහොමයි
හිත දහිරිය කරගන්න
සුපුරුදු රස්සාව නුඹ කරන්න
අබ මල් රේණුවක දෙයක් බලාපොරොත්තු නොවන්න
නුඹ හෙළනා දහදිය බිඳුවක් ගානෙම
නුඹට වටිනාකම ලැබෙනවා නේද ?
හාස්කමක් නොවේ එය දේව ආශිර්වාදයයි
දුක් විඳින යහපත් මිනිසුන්ට
මිහිකත ප්‍රති උපකාර දැක්වීමයි
ලෝකයා මිහිකත නුහුලන දේ කරද්දී
නුඹ මිහිකත සනසාළු ධෛර්යවන්ත ගැහැණියයි
එහෙයින් මේ ඔබේ සේවයට උපහාරයයි
| Anu Perera

Comment with Facebook