Ads Top

" KFC පඩිය අසල "


 | අනූ පෙරේරා 

අසනු නුඹ පෙම් පුතුද මව් නැති
කියනු නුඹ ලය උණුව තව නැති
දකිනු හැම පෙම් කෙළවරක් නැති
උතුම් ප්‍රේමය නුඹට හිමි නැති

දවල් කොහොමද කෑම ගන්නේ
රෑට කොහොමද තනිව ඉන්නේ
උදෑසන යලි මුහුණ දෙන්නේ
නුඹට සවි ඇත දිරිය දෙන්නේ

නුඹට වගේ මල් ජිවිත ඇයට නැතේ
එදා වේල ශේප් කරන් ඔහේ ඇතේ
ජිවත් වෙන්නට අයිතිය ඇයට ඇතේ
සරලව බරක් නොවී සතුටු සිතේ

ඇය දැක්කොත් අනේ අපොයි කියන්නෙපා
වත් පොහොසත්කම දැක හූලනුත් එපා
අපිත් එක්ක නම් සම වන්න එපා
දහිරිය ඇත කෙල්ලේ වෙන මුකුත් එපා

නේක දෙනා යයි නුඹ අසලින් රහසින්
නොදකියි නුඹව පොඩි හින්දද ප්‍රමාණෙන්
හිත උණු වෙන ඈයෝද නුඹ සොයන්නෙන් 
අනේ මොකට අයදිනවද ඔවුන්ගෙන්

දිනෙක නුඹට වාසනාව ගෙනෙන්න
නුවර ඈයෝ සිත මද උණු වෙන්න
කේ එෆ් සි අසල ඇයව දැනගන්න
සිල්ලරයක් ඇය වෙත හැක දී යන්න

Siththam Maya | Anu Perera. Powered by Blogger.