Ads Top

" එහෙව් අපට අද එන්න තහංචිද ? "



 | අනූ පෙරේරා 

ගැහැණිය පිළිකුලේ සංඛේතය ලෙස සමාජය දකිනා කල 
ගරුත්වයේ සංඛේතය ලෙස නොදකිනා කල 
අපිත් අපේ ගැහැණු අම්මාට ඉදිරියේදී සලකාවිද ?
ගැහැණිය ඉල්ලන්නේ සමාජයේ මුල් තැන නොව 
සුළු අයිතිවාසිකම් කිහිපයක් 
ගැහැණු මමත් පිරිමි නුඹත් එක කුලකයක ඉඳගෙන 
ඇය තනිවම තර්ක කරයි නම් 
අපට දෙන්නට කට උත්තර නැත 
ඇය අපෙන් අසාවි පිළිතුරු රහිත ගැටළු 
ලෙඩට දුකට ලිංග භේදයක් නැති කොට 
බුදුන් වහන්සේ වෙනුවෙන් වතාවත් කරන්නට 
ඇය පිළිලක් වන්නේ කෙසේද ?
ස්ත්‍රියක්ම මුල් වෙලා නුඹට මට වඳින්නට 
දුමින්දාගමනය සිදු කල විට 
ව්‍යවසන සමයේ ගැහැණු තම පණ දෙවැනි කොට ගෙන 
උන්වහන්සේව භක්තියෙන් බලාගන්නකොට 
කොහි තිබුනද ඔය නීති රීති ??

" ජයසිරිමා හාමුදුරුවනේ 
  ජයසිරිමා හාමුදුරුවනේ 

  දරමිටි ඇද්දා, රෑ නිදි වැරුවා, ගිනිමැල ගහගෙන රැක හිටියා 
  එහෙව් අපට අද එන්න තහන්චිද 

  ජයසිරිමා හාමුදුරුවනේ 

  වැලි මළුවේ ඉඳ සාධු කියනකොට අහිතක් නොහිතා ඉන්න හොඳයි 
  ඉස්සර වාගේම දාඩිය මුහු උන අපේ බාර පිළිගන්න හොඳයි 

  ජයසිරිමා හාමුදුරුවනේ
  ජයසිරිමා හාමුදුරුවනේ  

  රන් වැට පාමුල සාධු කියනකොට ලෙන්ගතුකම් නොහිතන්න හොඳයි 
  බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි දුක ඉවසා වැඩ ඉන්න හොඳයි 

  ජයසිරිමා හාමුදුරුවනේ 
  ජයසිරිමා හාමුදුරුවනේ 

  දරමිටි ඇද්දා, රෑ නිදි වැරුවා, ගිනිමැල ගහගෙන රැක හිටියා 
  එහෙව් අපට අද එන්න තහන්චිද 

  ජයසිරිමා හාමුදුරුවනේ 
  ජයසිරිමා හාමුදුරුවනේ 
  ජයසිරිමා හාමුදුරුවනේ 
     ජයසිරිමා හාමුදුරුවනේ   "

     - ආචාර්ය දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 

ඇගේ ගීතය මගේ වචන වලට වඩා අර්ථයක් තේරුමක් ගෙන දෙන නිසාවෙන් මම මුනිවත රකිමි.  

Siththam Maya | Anu Perera. Powered by Blogger.