Ads Top

" I donated Blood 3 - අමිල රුහිරය "


 | අනූ පෙරේරා 

සිහියත් අසිහියත් අතර මා යතුරු පුවරුවේ උන්මාදයෙකු මෙන් අකුරු සටහන් තබමි. 
මම බීලද ?
අනේ නෑ සිහියෙන් හිටපු මම ඇඳ මත වාත්තු වුනේ ඔවුන්ගේ අදෝනා නිතර සිහිනෙන් පෙනුන නිසයි 
හතර මසකට වරක් ඔවුන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට සිත හා පොරොන්දු වූ නිසයි 
කාර්යබහුලත්වය සමඟ මට ඔවුන්ගේ කන්නලව්ව නෑසුනා නොවේ 
මා ශක්තිමත් වන තුරු මාන බැලුවා පමණි 
නමුත් මා ශක්තිමත් වෙනතෙක් ඔවුන්ගේ ජිවිත වල වේලාව ඉතිරිව නැත 
මැදින් පොහොයේ වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදෙව් රජමහා විහාරයේ 
පැවැත්වෙන්නට නියමිත ආලෝක පූජාව නිසා 
සති ගණනින් වේල් පැටලුන නිසාවෙනුත් හිස මත ඇති දැරිය නොහැකි පීඩනයත් නිසාවෙනුත් 
තවමත් මා ශක්තිමත් කෙනෙකු නොවේ
උදෑසන අවදි වන්නේද ලය මා සන්තක කරන අපිරිමිත වේදනාවත් සමගයි 
නමුත් පියාණන් මට ත්‍යාග කරන ලද ගල් හදවතත් සමඟ 
මම සැමදා මගේ කණ්ඩායම සමඟ අරගලයේ 
නුඹ වෙනුවෙන් කරන පිංකම් අරගලයේ 
මෑණියන් ත්‍යාග කල සිනහවත් සමඟ මා මගේ ශාරීරික දුබලතා හමුවේ ප්‍රබලයෙකි 
සතුටට කාරණය නම් 
මා දීමට නියමිතව තිබු ලේ පයින්ටුව මිනිත්තු හයක් වැනි සුළු කාලයකදී 
මටත් නොදැනී නළ අස්සෙන් පයින්ටුව වෙත ඇදී තිබුණි 
මා කෙදිනක හෝ නුඹට අණ කර ඇතිද ?
නැතිනම් මා ආදර්ශයක්ම වී ඇතිද ?
මා අදත් කලේ එයමයි 
ගැහැණිය - පිරිමියා , දුබලයා - ප්‍රබලයා ලෙස වෙන් වන්නට නොව 
හිත දියවෙන්නට නොදී රැකගෙන තමන්ගේ වගකීම ඉටු කරන්න 
මා වෙනුවෙන් කන්නලව් කරන ඔවුන් මාගෙන් යදින්නේ මුදල් නොව 
අමිල රුහිරයයි
ඉබේ උනන ලෝහිත ලෙයයි 
මිනිත්තු දහයකටත් අඩු කාලයකදී නුඹ විරුවෙක් වේවි. 
ජිවිත තුනක් රැකගත් පදක්කම නුඹට ලැබේවි.
මට නම් මේක උමතුවක්  
ලේ ධාතුව දන් දෙන අතරේ මැරුණත් මම සතුටින් 
මගේ ආත්මයම සතුටින් 
තවත් තුන් දෙනෙක්ම ජිවත් කරගෙන අන්තිම හුස්ම හෙලන්නට ලැබෙන්නෙත් 
හුදෙක් පින්වන්තයෙකුටම විතරයි ....

@General Hospital Kurunegala . ..

Siththam Maya | Anu Perera. Powered by Blogger.