Ads Top

" සුල් නැවතත් "


| අනූ පෙරේරා

- ආදරණීය සුල් අක්කිට -

එය එක්තරා සන්ධිස්ථානයක් 
මගේ ජිවිතයේ 
අදටත් ඒ මතකයන් මෘදුව මගේ සිතේ 
මකාලන්නට නොහැකි පරිදි 
ආත්මීය බැඳීමක් සේ 
නුඹ මට එක්තරා මවක් 
නුඹෙන් කෑ ටොකු එමටයි 
නුඹට හොරෙන් මම නුඹට දුන් බැනුම් ද එමටයි 
නුඹ මා බලාගත්තේ තම දරුවකු සේ 
මා හුරතල් කලේ නුඹ කුස උපන් එකෙකු සේ 
ඉතිං නුඹ මට මව නොවන්නේ කෙසේද ?
බාහිර ස්කන්ධයෙන් ඈ කුඩා සිරුරකට හිමිකම් කියයි 
නමුත් කටක ලග්න ඇගේ ඇඟ පුරාම කට ඇත 
ඒ කට තැනට ඔබින විදියට ඇය හසුරවයි 
මා ගිණි පුපුරක් නම් ඇය සිහිල් ජලය වේ 
මා සතු ක්ෂණික ආව්ගය නුඹේ දොඩමලුවෙන් නිවා දමයි 
තර්ක කරන්නට අවස්තාවක් වත් නුඹ මට නොදෙයි 
මගේ මතයට ඉඩ දෙයි 
ඔව් නුඹ නුවණක්කාරියක් 
ලෝකය තේරුම් ගන්නට නුඹ මට කාලය දුන්නා 
ඇති තරම් කාලය 
ගුරුවරයෙකු ශිෂ්‍යයෙකුට නොදෙන 
" කාලය , ඇති තරම් කාලය "
නුඹ මට දුන්නා 
තර්කනයෙන් කරන්නට බැරි දේ කාලයේ ඈවැමෙන් 
තප්පරයක් තප්පරයක් ගානේ 
නුඹ සිහින්ව මාගේ මොට්ට මොළ ගෙඩියට ඇතුල් කල අවවාද
එකක් නෑර අද මට වටිනවා     
නුඹ හා බැඳුනු මිහිරි මතක එකක් නෑර 
මා සතු චායාරූප සාක්ෂි දරාවි
මා නුඹට වෛර නොකරන්නෙම්  
නුඹ මට වෛර නොකරන්න 
මම දනිමි නුඹ සිත 
අබ ඇටයක තරහක් නැත අදටත් 
නුඹ නුඹේ දේශයේ සිටින්න 
මා මගේ දේශයේ සිටින්නම් 
මාගේ උද්ධච්ච ගතියට අප කතා නොකලත් 
දිනෙක අප මුණ ගැසේවි 
නුඹ මා ගැන ආඩම්බර වේවි 
නුඹ සතු එකම දුර්වලතාවය 
නුඹේ ජිවිතයේ ශක්තිය කරගන්න 
සහෝදරියක් නොවේ නුඹ 
මවක් වේ මට 
ඊයෙත් අදත් මතුවටත් 

Siththam Maya | Anu Perera. Powered by Blogger.