Ads Top

" රොටීයි සීනියි "


| අනූ පෙරේරා

මධ්‍යම පංතිය නියෝජනය කරන අපේ පොදු වාහනේ 
බස් එක නැත්තම් කෝච්චියනේ 
ගොඩක් වෙලාවට කෝච්චි ගමන් වලට හුරු වුන මට 
කොටන්නට තවත් මාතෘකාවක් හමු උනා 
ගමේ ඉඳන් කොළඹ රටට යන නෝනලා මහත්තුරු 
හිතාගෙන ඉන්නේ තමන් උපන්නේ එංගලන්තේ කියාලා වෙන්ටෑ 
ඔන්න මමත් ගොඩ වුනා මහව කෝච්චියට 
මට එහා පැත්තේ ඉන්නවා නෝනලා දෙන්නෙක් 
කෙනෙක් හොඳ ලස්සනට ඔසරිය ඇඳ 
කෙනෙක් නවීන පන්නරේට බටහිර ආරෙට ඇඳ 
මට නම් හීනෙකින්වත් අනුන්ගේ ඕප මොටද කියාලා 
පොඩි නින්දකට ඇස් පියාගත්තා 
" මේ මෙයා ඔයා Pizza කාලා තියෙනවද "
තරමක් උච්චව ඇසු නිසා මාත් ඇස් ඇරලා බැලුවා 
බටහිර ආරය ඔසරියෙන් අසයි 
ඔසරිය තරමක් ගම්බද අයෙකු සේ පෙනෙයි 
නැත ඇය චාම් අයෙකු සේ පෙනෙයි 
බටහිර ආරෙ ඇගේ ගොඩේ ගතියට 
මේකප් උදව්ව ගෙන ඇති බව පෙනෙයි 
" නෑ මිස් " ඔසරිය කියයි 
" අයියෝ වැඩක් නෑ මෙයා " 
ඔසරිය මද සිනාවක් පායි 
නින්ද පැත්තක තියලා මාත් ඒ ඕපදුපෙට කන් දුන්නා  
" අඩු ගානේ සතියකට වතාවක්වත් pizzahut යන්න ඕනි "
ඔසරිය සිනහවෙන් ප්‍රශ්න වලින් පැන යයි 
මා මෙන් තවත් බොහෝ ඈයෝ මේ සංවාදයට හොට දාගෙන 
මගේ සිත බටහිර ආරෙට ප්‍රතිවිරුද්ධ පිළිතුරු දෙමින් සටනක 
උපහැරණයක් ලෙස මම ඔසරිය හැඳි පුද්ගලා උනා නම් 
බටහිර ආරේ ඇසු pizza කෑම 
පෙරලා මම ඇගෙන් අසන්නම් ඒ ආකාරයටම 
" එතකොට ඔයා කාලා තියෙනවද රොටියි සීනියි "
පිළිතුර ඔව් වීමේ සම්භාවිතාවය උපරිම උනත් 
ඇගේ පුහු උද්දච්චකමට පිළිතුර නෑ විය යුතුයි 
එවිට මම නැවතත් කියන්නම්,
" අයියෝ වැඩක් නෑ මෙයා...
 අඩු ගානේ සතියකට වතාවක්වත් රොටියි සීනියි කන්න ඕනි...
එතකොටවත් ඔයාගේ ඔය බොරු උද්ධච්චකම බිංදුව වේවි "

Siththam Maya | Anu Perera. Powered by Blogger.