" අනියම් පහස "
| අනූ පෙරේරා
මහනුවර මාතර දුම්රිය
කාර්යාල දින නිවාඩු දින භේද රහිතව
සෑමදාම පොල්ගහවෙලින් කට කපා සෙනඟ
කොටුවට එන තෙක් සිටගෙන යාම නියතයකි
කෙසේ වෙතත් දුම්රිය ගමනකින් බොහෝ දුරට
සිත්තම් මායා අප්ඩේට් වන ඉඟියද හිත යට තියාගෙන
කල්පනා ලෝකෙක නිමග්න වුනු මට
හමුවුනා ආවේගශීලිව කතා කල හැකි මාතෘකාවක්
මිනිසුන් මෙතරම් පහත් වුනේ කොහොමද ?
නොවැටී සිටින්නට මා ෂීට් ඇන්දකින් අල්වාගෙන
කොටුවෙන් ආසනයක් ලැබෙනකම් සිටන් සිටියා
ප්‍රතිවිරුද්ධව අවුරුදු හතළිහක පමණ මහත්මයෙක් සහ
අවුරුදු තිස් පහක පමණ මහත්මියක්
දකින නිමේෂයෙන් ඔවුන් අඹු සැමි යුවල නම් නොම විය
එකට කතා කල පළියට, එක ලඟ ආ පළියට
ගැහැණු පිරිමි අඹු සැමි විය යුතුම නෑනේ
අඹ යහළුවන් වන්නටද පුළුවන
ඉතිං කාගේවත් කුණු ගොඩවල් මොටද කියාලා
මම මගේ කල්පනා ලෝකෙට වැටුනා
මා අවට උන් අය සැරෙන් සැරේ ජෝඩුව
දෙස බලමින් එකිනෙකා දෙස බලයි
ඇතැමෙක් ලජ්ජාවෙන් අහක බලයි
ඇතැමෙක් කෑදරෙන් ඒ දෙස බලා සිටියි
වන කෝලම දෙසට මමත් නෙත් විවර කළා
මැදිවිය පරම්පරාව නියෝජන කරන ඔවුන්
ලජ්ජාව බය හැදියාව බිංදුවට බස්සවමින්
දුම්රිය නාට්‍ය ශාලාව කොටගෙන අවසානයි
ඔහුගේ අත ඇගේ බ්ලවුසය අස්සේ හිරවීද ?
ඔහු පිරිමදින්නේ ඇගේ විලි නොවේද ?
ඇයත් මුකුත් නොවන ගානට සිටින්නේ කෙසේද ?
ඇය ඔහුගේ භාර්යාව නම් මොකද්ද මේ එළිපිට නටන නාඩගම
උඹේ කලිසම මට ගලවන්නට සිතෙයි ඔළුවෙන්ම
අඩු ගානේ වයසටවත් වැඩ කරපල්ලා
ටයි කෝට් ඇන්දට ටයිට් ස්කර්ට් බ්ලවුස් ඇන්දට
උඹලගේ හෙළුව අද මුළු කෝච්චියම දැක්කා
වැඩිහිටියන්ට පමණයි සිනමශාලාවක නොවෙයි උඹලා හිටියේ
හැමදාම ඔෆිස් යන කෝච්චියේ
අලුත උපන් එකාගේ ඉඳන් මැරෙන්න පණ අදින එකා
දක්වා මේ කෝච්චියේ ඉන්නවා
උඹලා නටන ජවුසන් දැක්කම අම්මෙක් තාත්තෙක්
තමන්ගේ දරුවා හදාගන්නේ කොහොමද
උඹේ ඇත්ත බිරිඳ උදේ පාන්දර දුම් කකා ආදරෙන් උයලා දුන්නු
බත් එකත් අතේ තියන් වෙන උන් හුරතල් කරනකොට
කන බත් පත දිරවන එකත් පුදුමයක්
උඹේ ඇත්ත සැමියා උදේ පාන්දර උඹව කෝච්චියට ඇරලලා
නළලටත් හාදුවක් තියලා උඹට පරිස්සමින් ගිහිං එන්න කියනකොට
උඹත් පරිස්සමින් පිට මිනිහෙක් එක්ක ගෙදර යනවා එනවා
ඒ මිනිස්සු උඹලට ශාප නොකර තාක් කල්
උඹලා අනියම් පහස විඳීවි
ශාප වැදෙන්න පටන් ගත්තු දවසට වැල් පොලියට ශාප වේවි
ඔවුන්ට දුන්නු ගින්දර උඹලට පත්තු වෙනකම්
නරලොව ජවුසන් නටපල්ලා
ගන්න හුස්මත් විස වෙන දවසක් එන බව මතක තියාගෙන
වැඩ කලොත් හොඳයි
Comment with Facebook