Ads Top

" දෙහිවල ඇඹුල "


"දෙහිවල ජාතික සත්ව උද්‍යානය"
ඇත්තටම සත්තු නිදහසේද ඉන්නේ ?
මට නම් ප්‍රශ්නයක් 
"සතුන්ට කෑම දීමෙන් වලකින්න"
පුවරුව දැක දැක කෑම දෙනවා
සමහරවිට මෙහෙම වෙන්න ඇති,
සත්තුන්ගේ ඇඟ දැක්කම අපිටත් හිතෙනවා
අනේ මුන්ට හරියට කන්නවත් නැතිව ඇති කියලා
ඉතිං ඉක්මනට උණු වෙන අපි
නීති රෙගුලාසි කඩ කරලා කෑම දෙනවා
එත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක්ලු
සත්තුන්ටත් මිනිස්සුන්ව එපා වෙලා
ඉස්සර වැඩ පෙන්න පෙන්න සෙල්ලම් කරපු උන් 
දැන් හොඳට නිදි
අඩුගානේ නිදහසේ නිදාගන්නත් නෑනේ
උන් නිදි නිසා මිනිස්සු
උන්ට පොඩි පොඩි කෝටු කෑලි වලින් අනිනවා ඇහැරවන්න
හිපෝ මස් ගුලියක් වගේ එකම තැන
මිනිස්සු ආස එහා මෙහා දුවනවටද ?
ඒකද උගේ පිට තුවාල වෙලා තියෙන්නේ ?
ඒකද දිග කෝටු කෑලි උගේ කූඩුවේ ඇතුලේ තියෙන්නේ ?
කට අරගෙන ඉන්නකොට මිනිස්සු ආස ඇති
අතේ තියෙන ඒවා උගේ කටට දාන්න  
ඒකද උගේ කට ඇතුලේ රුපියලේ කාසියක් තිබුනේ ?
වැඩ කරන නිලධාරිනුත් ඒකටම ගැලපෙනවනේ
අලි කිතුල් බඩ වලට හෙන පෙරේතලුනේ
අලි නාවන පොට් එක ලඟ අලි පැටියෙක් 
හොඳ දම්වැලෙන් බැඳලා
ඌට හොඬේන් වත් අල්ලගන්න බැරි උඩක 
කිතුල් බඩයක් එල්ලලා
අනේ එකා පෙරේත කම උහුලන්න බැරුව 
අරක බිමට දාගන්නම ට්‍රයි එක
මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ ?
එන මිනිස්සු දුක් විඳිනවා බලලා ෆෝම් වෙනවා කියලද ?
මට නම් හිතුනේ දැන් තියෙන්නේ
"දෙහිවල ජාතික මිනිස් උද්‍යානයක්" කියලයි
මොකද සත්තු බොහොම වැදගත් විදියට කූඩු වල ඉඳන්
මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා
මිනිස්සු බොහොම අවැදගත් විදියට කූඩුවෙන් පිට ඉඳන්
සත්තුන්ට සංදර්ශන පෙන්නනවා
මගේ ප්‍රශ්නෙට උත්තරය සනාතයි
සත්තුන්ගේ නමින් මිනිස්සුන්ගේ 
බඩ කට පුරවා ගන්න
හොඳ බිස්නස් එකක් සත්තු වත්ත
හ්ම්ම් දෙහිවල ඇඹුල දැන් නම් හොඳට දැනෙනවා

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.