Ads Top

" ආගන්තුක ඉෂාරා "


- මාගේ හොඳම යෙහෙළියක වූ නිකීගේ කුඩා කල මිතුරිය ඉෂාරා පිළිකාවකින් මිය ගිය මොහොතේ. නුඹ සාමයේ සැතපේවා -

මා ඇය කිසිදා නොදැන සිටියා
කිසිදා නොදැක සිටියා
නමුත් මා අසා තිබුනා
නුඹ ගැන සියළු දේ දැන සිටියා
දිනක් නුඹ අපහසුවෙන් හුස්ම අදින යුරු
හිනාව මුහුණේ උතුරද්දී
ඇසුන බොල් කටහඬ
මා ආගන්තුකයි
මගේ හොඳම යෙහෙළියක වූ නිකී
ඇගේ කුඩා කල සිට මිතුරියයි
මන්ද මට ආගන්තුක සත්කාර නොලැබුණේ
නුඹෙන් සෙනෙහෙවන්ත හිනාව මෙමටත්
මට නොදැනීම පිළිස්සී ගිය මගේ හදවත
නුඹට මාගේ හුස්ම දෙන්නද ?
දෙවියනි මා වෙනුවෙන් ඇය ජිවත් කරනවාද ?
දේව පාමුල මමත් ඇය වෙනුවෙන්
සති කිහිපයක් පහු උනා පමණි
පැමිණි දුරකථන ඇමතුම
මා මොහොතකට නතර විය
හුස්ම ගත්තාද මතක නැත,
කඳුළු වැස්සක් මා සිප ගත්තා නම් මතකය
යහළුවෙකුවත් නොවුන නුඹ මා
අතර ඇති සහෝදරත්වය කුමක්ද ?
ඇය හා කතා කිරීමට වුවමනා වූවත්
ඇය නිහඬයි
අවධි වෙන්ට, කතා කරන්ට
ඔබ නිසලයි
ඔබ ගෙනා ආයුෂ අහවරයි
නුඹට කල කම් පඩිසන් දුන්නාද ?
ඒත් ....
මෙතරම් අකල් ලෙස
නුඹ සතර රියනක් මත වැතිර
නුඹ බලන්නට එන සැමට
සිනහ සංග්‍රහය දෙමින්
නුඹේ දෑස් පියවිලා
අවධි වන්ට, කතා කරන්ට
නුඹ නිහඬයි
පිළිකාවට නුඹ පැරදිලා
නුඹ දුක වින්දා
සහෘදයෝ විදෙව්වා
නුඹ වෙනුවෙන් අප සැම
ගැට ගැසූ භාර හාර
අද තනියම ඔප්පු වන විට
නුඹත් නෑ ගැටගැසූ භාරයත් නෑ
දෙදෙනාම දෙවියන් අරගෙන 
දෙවියන් මට වඩා නුඹට ආදරෙයි ?

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.