Ads Top

" අන්ධ නුඹ "


- ප්‍රවෘත්ති බලන මොහොතක අයේෂා අක්කි සමඟ ඇති කරගත් හරවත් තර්කානුකුල කතාවක් ඇසුරෙනි -

පරිපූර්ණ නම් නොවේ නුඹ නමුදු
කිසිඳු අඩුවක් නොමැතිව ඉපිද
අඩු පාඩු ඇති විලසින් රඟපාන නුඹ
දෑස් පෙනෙනවා නේද ?
සවන් ඇසෙනවා නේද ?
ගන්ධය දැනෙනවා නේද ?
රසය විඳිනවා නේද ?
ශරීරය පිනවනවා නේද ?
ඉතින් නුඹට අඩු පාඩු කොහින්ද ?
අනෙකාට ඇඟිල්ල දික් කරන නුඹේ අතම බලන්න
ඇඟිලි තුනක්ම නුඹේ දෙසට
සිතක් ඇත සිතන්ට
මොළයක් ඇත කල්පනා කරන්ට
නුඹේ සිහිය කොහිද ?
පියා දියණිය නොපෙනේද ?
සහෝදරයාට සහෝදරිය නොපෙනේද ?
කෙලෙසීම සුළු දෙයක්ද ?
අන්ධ නුඹ කෙලෙසුවේ ඇගේ චරිතය නොවේ
ඇගේ මුළු ආත්මයමයි
ඇගේ ගැබෙහි එකම ලෙය දිව යයි
මන්ද නුඹ මන්ද මානසිකයකු වී ?
කල්ප ලක්ෂයකින් වරම් ගෙන නුඹ
මනුසත් ලොව පිංවන්ත මානවයෙකු වී
පිංවන්ත මවකටත් දාරක සෙනෙහෙ උපරිම පියෙකුටත්
ලද එකම දායාදය නුඹ
එවන් නුඹ අසත්පුරුෂයෙකු ලෙස 
සමාජය නුඹේ වෙනස්කමට හේතුවද ?
නැත නුඹේ ආකල්පයි, සමාජය අසරණයි
නුඹ අදහන ඕනෑම ආගමික නායකයෙකු සිටියා නම්
නුඹ අදහන දෙවිවරු සිටියා නම්
නුඹට දඬුවම් කරන නිරය (අපාය) නැති වන්නේ කෙසේද ?
යම රජුන් බොරුවක් වන්නේ කොහොමද ?
අදටත් අවීචි මහා නරකාදියේ අපා දුක් විඳින
දෙව්දත් තෙරණුවන් 
මනඃකල්පිතයක් පමණක් නම්
බුදු දහමත් මුලාවක් වනවා නේද ?
ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ මනඃකල්පිතයක් නොවෙයි
දෙව්දත් මහ රහතුන් වහන්සේත් එසේ නොවේ
එසේ නම් නිරය (අපාය) මනඃ කල්පිතයක් වන්නේ කෙසේද ?
අවවාදයයි !!!
අන්ධ නුඹ පරිස්සම් වන්න

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.