Ads Top

" සිත කියයි "


හිතවත් අනු ,

නුඹ අහංකාරයි, නුඹ නපුරුයි, නුඹ අමුතුයි
එනමුදු නුඹ කරුණාවන්තයි, විෂම සිතුවිලි වලින් යුක්තයි,
සමාජ දෙකක් එකම මොහොතක නුඹව දෙවිදියකට තේරුම් ගනීවි
ලෝකයා නුඹව සැක කරාවි
මා නුඹව සැක නොකරාවී
අදටත් නුඹ චරිතවත් ගැහැණු ළමයෙකි
මග දෙපස නරි බුරති
නොසැලෙන්න නොහඩන්න
දහිරිය දෙන්න පණ අදින නුඹේ ජීවයට
වාරු ගන්න පුපුරන නුඹේ කොන්ක්‍රීට් හදවතට
නුඹේ චරිතය නුඹ තීරණය කරන්න
කනින් ඇසු පමණින් නුඹව මනින්නන් 
ජිවිතයෙන් අයින් කරදමන්න
නුඹව විශ්වාස කරන්නන් නුඹට ඉතුරු වේවි
හුස්ම පොද මෙන් සිටි යාළුවාද නුඹට නැති විය හැක
නොවෙනස් එකම දෙයකි , " මව් පිය ආදරය "
නුඹව අල්පෙනිත්තකින් පරිස්සම් කල අම්මා තාත්තා
නුඹ වෙනුවෙන් මැරෙන්න උනත් අන්තිමට ඉතුරු වන 
අම්මා තාත්තා වචනෙකින් හරි පහර ලබන මොහොතක 
නුඹ ආරුඪ කරගත් කාලි මාතාව
නොමැරේවි හුස්ම පොද ගිලිහුනද
වෛර කරමි මැරෙන තුරාවට
දනිමි නුඹේ ජිවිතයේ රන් පදක්කම සැමදා අම්මට තාත්තට හිමි බව
රිදී, ලෝකඩ හා අනෙකුත් සහතික පත් හිමි වේවි 
ජිවිත සම්බන්දිතයන්ට
හුස්ම ගන්නා මොහොතක් මොහොතක් ගානේ
නුඹ පෙරේරා මහත්තයාගේ ගෞරවය දිවි හිමියෙන් රැක ගත්තා
නුඹට වරදින්නෑ අමතක නොකරන්න
ගැහැණු ළමයෙකුගේ නම්බුව 
කොන්ද පණ ඇති පිරිමියෙක් කෙලෙසන්නෑ

 - සිත හා මා අතර ඇතිවූ සංවාදයක්. ජීවිතය පිලිබඳ උපරිම කනස්සල්ලෙන් ලියමි. අම්මා තාත්තා කියන දෙන්නා හැමදාමත් 
මගේ ඉහටත් උඩින් හිටියේ.තාමත්, ඉස්සරහටත්
වචනෙකින්වත් අවලාද අසන්නට නොදෙන 
මේ, දෙන්නා වෙනුවෙන් පණ උනත් දෙන සුදු පුතා

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.