Ads Top

" Multi-Threaded අපේ ජිවිත "


විශේෂ ස්තුතිය නීල් සර්ට ....

            ජිවිතය ගැන විවිධාකාරයේ නිර්වචන විවිධාකාර උදවිය විවිධාකාර අදහස් පල කරලා තියෙනවනේ හැබැයි අද ඉගෙන ගත්තු පාඩමත් එක්ක ජිවිතේ වෙන විදියකට හිතුනා.මම ජිවිතේ දකින විදිය පාඩමත් එක්ක හොඳ පදමට ගැලපුනා"Multi-Threaded Programming " මෙන්න මේකයි පාඩම. හිතුවේ නම් විකාරයක් වෙයි කියලා හැබැයි රහ දැනෙනකොට හෙන උනන්දුවෙන් මම අහගෙන හිටියා. එකම වෙලාවක වැඩ ගොඩකට පොඩි පොඩි චාන්ස් දෙන එකයි මේ  Multi-Threads වලින් කරන්නේ. මේ වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහට වෙලා Threads එක්ක සෙල්ලම් කරනවා. media player එකෙන් සිංදුවක් අහනවා, notepad එකක් දිග අරගෙන මේ ස්ටෝරිය ලියනවා, Net Beans,Work Bench,Navicat එහෙමත් open වෙලා. එක පාර ප්‍රෝග්‍රෑම්ස් තොගයක් ඔන් කරගෙන වැඩ කරන්නේ Threads වලට පිං සිද්ද වෙන්න තමා. අපිත් මේ ජිවිත සටනේ හැසිරෙන්නේ ඔන්න ඔය කියන විදියට. අතිශය කාර්‍යබහුල  වන අපි එකම වෙලාවක් තුලදී වැඩ ගොඩක් බදාගන්න හදන එක ගොඩක් දුරට මේ පාඩමට සමානයි.

            හැබැයි මෙහෙම දේකුත් සර් කිව්වා, DOS වගේ Operating Systems වල මේ Multi-Threading තිබුනේ නෑලු. හින්ද එක වේලාවකදී කරගන්න පුළුවන් උනේ එක වැඩක් විතරලු. කියන්නේ සිංදුවක් අහගෙන java code එකක් එහෙම net beans අස්සේ කොටන්න බෑ. සිංදුව අහල වැඩේ ඉවරයක් කරලා තමයි java code එක කොටන්න වෙන්නේ. එහෙම කියනකොට මම DOS සමාන කරගත්තා අපේ ආච්චිට සීයාට. මොකද එයාලගේ ලෝකේ හැදුවේ කාර්යබහුලත්වය මැද්දේ නෙවෙයි ඉන් ගොඩාක් ඈතක ඉඳලානේ. හැමදේටම පරක්කුව කියන දේ මුසු වෙලා තිබුනා හෙමින් හෙමින් හැමදේම කලේ. එක වගකීමක් ඉවර කරලා තවත් එකක් ගැන හිතුවේ. එයාලට මේ තැනට එන්න අවුරුදු ගානක් ගියා. හැබැයි එයාලා හැමදේකම ඉවරයක් දැක්කා. බොහොම පිළිවෙලට පොඩි දේ පවා කරගත්තා. පරක්කුව මුසු වෙලා.

            හැබැයි අපේ Threads වැඩ. බොහොම කෙටිකාලෙකින් හැමදේම කරගන්න බලනවා.රේස් එකක දුවනවා වගේ. මෙහෙම වැඩ ගොඩක් බදාගෙන කරන්න හදල හදල බැරිම තැන අපිව Stuck වෙනවා. ගොඩක් වෙලාවට අපි හිතනවා අපි ජීවිතය කියන Subject එක Fail වෙලා කියලා. ඇත්තෙන්ම නෑ. අපේ Threads Stuck වෙලා අපිට කාලය ටිකක් ඕනේ ram speed, CPU usage, capacity අනං මනං ටිකක් normal වෙනකම් හිටියා නම් අපේ ගමන අයෙමත් යන්න පුළුවන්. හිතෙනවනම් Programme එකෙන් වැඩක් වෙන්නේ නෑ කියලා ජීවිතය කියන Machine එක Restart කරලා දාන්න. අලුත් Programme එකක් ලියන්න. මොකද Shut Down කරලා දාන්න තරම් හේතු මේ ජිවිතේ තවම අපිට හම්බ වෙලා නෑ

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.