Ads Top

" පෙරේරා බංගලාව "


අපේ චූටි ගෙදර, තාත්තගේ බංගලාව
විහිළුවට අපි කිව්වේ පෙරේරා බංගලාව කියලා
ගඩොලකින් ගඩොලකට තාත්තගේ මහන්සිය තියෙනවා

මේ ගෙදර ගොඩක් ශක්තිමත්
අපි හැමෝගෙම දාඩිය බිංදු මේ කොන්ක්‍රීට් අස්සේ තියෙනවා 
කැපවීම, අධිෂ්ඨානය, උනන්දුව, උත්සාහය 
මේ හැම අරමුණක්ම මිශ්‍ර වෙලා තියෙනවා 
ගරු රජයේ සේවකයෙක් වුනු තාත්තා 
අත් උදව් කාරයෙක් වගේ 
බාසුන්නැහැ ට ගඩොල් කැට තුන තුන අදිනකොට 
අම්මා ගඩොල් කැට දෙක දෙක ඇද්දා 
ඒක බලන් හිටපු අයියා ගඩොල ගඩොල අදිනකොට 
මාත් බාගේ කෑලි උස්සන් ගියා 
මට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් 
රාම්-ලීලා, ජැක්-රෝස්, රෝමියෝ-ජුලියට්
බොක්ස් ඔෆිස් වාර්තා තියනකොට

මගේ ලෝකේ මම බලපු ප්‍රේමණීයතම යුග චිත්‍රපටය රඟපෑවේ 
පෙරේරා අයියයි-පෙරේරා අක්කයි

දුක් විඳලා දරුවෝ තුන් දෙනෙක් උස් මහත් කලා 
වැඩිමලා මගේ අයියා 
බාලයා මං 
එතකොට අනිකා කවුද ?
මටයි අයියටයි ඉන්න තිබුන මේ පෙරේරා බංගලාව 
පණක් නෑ එත් තාත්තගේ එකම වස්තුව
මටයි අයියටයි වඩා ආදරේ කලත් තරහ නෑ 
සාගරයක් වගේ ගෙයක් නෙවෙයි 
බොහොම පුංචිවට 
සාගරයක් වගේ ආදරය පිරිලා ඉතිරෙනවා 
බොහොම ලොකුවට

පෙරේරා මහත්තයාගේ ගෙදර

අපේ පැත්තේ තියෙන පිළිවෙලම ගෙදර, ලස්සනම ගෙදර 

බොහොම වැදගත් විදියට, ගරුත්වය ඉහටත් උඩින් ලැබෙනකොට 
රෑ දෙගොඩ හරියේ උනත් පාළු පාරේ ගෙදර එන්න බය නෑ

පෙරේරා මහත්තයාගේ දුව නේ මම ...

අපි අහිංසක කුරුළු කුඩුවක් වගේ 

එපා ගල් ගහන්න වචනෙකින්වත් !!!

| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.