Ads Top

" ඇදුරුතුමනි "


-බුදු දහම ඉලිප්පිමට නොව පෘතග්ජනයෙකුගේ ගැටළු හොවා දැක්වීමට-


බුදු හාමුදුරුවනේ ඔබෙන් ඇසීමට ප්‍රශ්න බොහෝයි 
මා පවු කාරයෙකි 
ඔබ ඉදිරියේ මේ ගැටළු විසඳා ජිවිත අවබෝධය ලබා ගැනීමට 
නොහැකියාවත් සමඟ දැනෙන පවු කාරී හැඟීම 
ඔබ කළායින් මෙපමණක් මා හට කල නොහැක 
ඒ ඇයි ඇදුරුතුමනි ?
පිළිගන්නම් මා පෘතග්ජනයෙකු බව 
ඔබද පෘතග්ජනයෙකු ව සිටියානේ 
ගිහි සැප ඔබත් වින්දානේ
එත් ඔබ පෙරුම් පිරුවා නේද ?
කල්ප ලක්ෂයක් ?
ඇදුරුතුමනි ඒ කොපමණ කාලයක්ද ?
මට පරිපූර්ණ ගිහියෙක් විය නොහැකිද ?
මහණ වීම අනිවාර්යද ?
හිමියනි මහණ වීම කියන්නේ විහිළුවක් නෙවෙයි නේද ?
සියළු බැඳීම් අත හැරීම ලේසි වේද ?
පෘතග්ජනයෙකු ලෙස මට නම් බැරිය
ප්‍රියයන්ගේ සෙවණැල්ලක් හෝ මම බලාපොරොත්තු වෙමි
පියෙකු සැමියෙකු වූ ඔබට බැඳීම් අත හැරීම ලේසි වුවාද ?
එහෙනම් අටලෝ දහමට නුඹ අනුගත උනේ ශ්‍රේෂ්ඨ බුදු බව ලැබීමටත් කලින් ?
ඇදුරුතුමනි ගසකට වන්දනා මාන කිරීම අනුවණ ක්‍රියාවක්ද ?
නුඹ වහන්සේද ශ්‍රී මහ බෝධීන් වහන්සේට කලගුණ සැලකුවා නේද?
හිමියනි නුඹ වහන්සේට බුදු වීමට උපකාරී උනේ මාර ගසක් නම්
තත්ත්වය වෙනස් වෙනවා නේද ?
මාර ගස් වලට මා ආදරේ කරමි, ආශා නොකරමි
ඈත සිට එහි ලස්සන භුක්ති විඳීමට කැමැත්තෙමි
මා එහි කඳ වන්දනා කලාට කම් නැතිද ?
ඇදුරුතුමනි නුඹ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ වූවාටත් පසු
අන් අයගේ අණදීම් වලට සවන් දුන්නේ කොහොමද ?
අනුන්ගේ අණ පිළිපැදීමට පෘතග්ජනයෙකු වූ මට බැරිය
මා ක්ෂණික කේන්ති කාරයෙකි නමුත් මෘදු හදවටත් ඇත්තෙකි
මා පාලනය වන්නේ කෙසේද ?
අදටත් නුඹේ සවන් දීම වලට මහණ ඇත්තෝද ගරු කරති
රාහුල නන්ද වැන්නවුන් අදටත් මහණ වන්නේ දෙමාපිය අවසරයෙනි
ඇදුරුතුමනි ඉන්දියාව නුඹේ උපන් රට නම් ,
නුඹ වහන්සේ ලංකාවට වැඩම කලෙත් තෙවරක් පමණක් නම්
ලංකාව බෞද්ධ රටක් වූයේ කොහොමද ?
ලාංකිකයෝ බුද්ධි මට්ටමින් උසස් ජාතියක්ද ?
නැත්තනම් කෙලෙස් ප්‍රහීණ කලෝද ?
එතකොට මේ බුද්ධ වර්ෂ , ක්‍රිස්තු වර්ෂ යනු මොනවද ?
හිමියනි අප ගරු කල යුත්තේ චීවරයටද ? චීවරධාරියාටද ?
ඇදුරුතුමනි නුඹ උප්පත්තිය ලද සැනින් ඇවිද පාඨයක් සඳහන් කල බව කියවේ
නුඹේ ශරීරයෙන් ගිනි දැල් හා ජලය එක විට පිට කිරීමේ හැකියාව ගැන සඳහන් වේ
(යමාමහ පෙළහර ලෙස පැවසේ )
ස්වාමිනි ප්‍රයෝගිකව එය සත්‍යක්ද ?
ඇදුරුතුමනි මා ඔබව ප්‍රශ්න කරනවා නොවේ
මා ශ්‍රේෂ්ඨ බුදු දහමේ අනුගාමිකයෙකි
කතුවරයාගෙන් කතුවරයාට නුඹේ චරිතාපදානය වෙනස් වේ
හිමියනි නුඹේ චරිතාපදානය සෙලෝලොයිඩ් පටයකට ගෙන ඒම කම් නැතිද ?
බුද්ධි හීනයෙකු ලෙස ඇගයීම, ප්‍රශංසාව කලද
බුද්ධි හීනයෙකු ලෙස විවේචනයට මා අකමැතිය
මා තුල ගොඩ නැගී ඇත්තේ මිනිසෙකුගේ අනුරුවකි
ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ අනුරුවකි
කැපකිරීම් කල ශක්තිවන්තයෙකි
දිනෙක ඔබ ඉදිරියට ඒමට මට හැකි වේවිද ?
මේ ගැටළු එකිනෙක නිරාකරණය කරගැනීමට මට හැකි වේවිද ?

| අනූ පෙරේරා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.