Ads Top

" සාධාරණ කෝච්චියේ අසාධාරණ ඔබ "



ඒ කියන්නේ උඹ පලි ගන්නවද ? 
වැඩ නවත්තපු පස් දෙනා ගැන හිතලා ?
ඔන්න මගීනුත් උන්ගේ පලිය උඹෙන් ගත්තා නේද ?
ඔලුව පැලිලා නේද ?
රිදෙනවද ?
කෝ සගයා ?
ඌ ගුටි කන්න බැරි තැන ගඟට පැන්නා නේද ?

ඇයි ඇත්තට උඹ කෝච්චිය පරක්කු කරන්නේ ?
අනිත් ධාවකයෝ ඔක්කොම අකුරට වැඩනේ ?
මම කිව්වේ " අකුරට "
උඹ ගුටි කනකොට උඹේ සමකාලින මිත්‍රයොත් උඹටම ගැහුවනෙ ?
ගැහුවා ? ? නෑ ...
මොකද නැත්තේ වචන වලින් ගැහුවා 

මෙතන වැරද්දක් තියෙනවද ?
බලන්නකෝ ...
ලංකාවේ මිනිස්සු හරි එකමුතුයිනේ 
ගුටි කාපු උඹ උඹේ නෑයෙක්වත් නොවුන පස් දෙනෙක් වෙනුවෙන් පලි ගන්න නටනවා 
යන එන උදවියට වෙලාවට යා ගන්න බැරි හින්ද උනුත් පලි ගන්න නටනවා 
චේතනාවෙ නම් පොඩි අවුලක් තියෙනවා 
හැබැයි වැරද්දක් නැනේ බලන් ගියාම 
එකෙක් වෙනුවෙන් තව එකෙක් එකතු වෙනවා 

ඉතුරු වෙන්නේ එක දෙයයි 
මොකද්ද ?
මොකද්ද ? මොකද්ද කියල තමයි මාත් අහන්නේ 

ඉවර කරපු එකා නම් ඉන්නවා
එත් ...................
පටන් ගත්ත එකෙක් කෝ ? 


| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.