Ads Top

" ලේ විදීම හා ලේ විඳීම "


හැමෝම වාගේ ඔහුත් කාර්යාල වැඩ හමාර කර නිවෙස් බලා යන මොහොත
ඔහු ගමන් ගත් බස් රථය ඉස්සර කරමින් ගමන් ගත් ගිලන් රථය
ඒ හුස්මේම බස් රථය ඉස්සර කරන්නට උත්සුක වූ මෝටර් සයිකල් පදවන්නෙක්
විරුද්ධ දෙසින් ලොරියක් පදවන් ආ තැනැත්තෙක්
මේ දර්ශන සියල්ල ඔහු ඇස් මත සිතුවම් උනේ අඳුරත් කැටිව
වෙන වෙනම දුටු දර්ශන, තලයෙන් තලයට එකතු වන්නට
ඔහු ඇසිපිය හෙලන මොහොතක් ප්‍රමාණවත් විය

" බය " ඔහු මනස රජකරන්නටත් මත්තෙක්
" තැතිගැන්ම " උපරිමයට ලගා විය

මේ සියල්ල ඔහු ඉදිරියේ ජවනිකා ගත විය,

ලොරිය පාමුල පණ අදින යෞවනයෙකි
මාර්ගය පුරාවටම වර්ණයක් නොපෙනෙන දියරයක් ගලන්නට විය
දියරයක නොව ඒ රුධිරයයි
ඒ " ලේ විදීමයි " තරුණයා ඉන් බැට කන්නට ඇති
නමුත් ,
" ලේ විඳීම " තරුණයාට අදාළ දෙයක් නොවේ
විදින ලේ වල අයිතිය ඇති දෙමවුපියන්ගේ වේදනාවයි , " ලේ විඳීම "

" උදවු..... උදවු.... "
ඔහු හා අනෙකුන් බෙරිහන් දෙන්නට විය
කෑගැසීමට උවමනා නැත

" කරුණාවන්ත සිංහලයා " උදවු කරාවි

................

නැවතත් " උදවු.... උදවු "
ඔහු හා අනෙකුන් බෙරිහන් දෙන්නට විය

නැත " කාලකන්නි සිංහලයා " උදවු කලේ නැත

" මේකව ඉස්පිතලේට ගෙනියන්න ත්‍රීවිල් එකක් අරන් එන්න "
දම්බෝක්ක හන්දියෙමනේ
ත්‍රීවිල් ඕනේ තරම්
" ත්‍රීවිල් කාරයෝ " එකෙක් ආවේ නැත .
තමාට නොවන ගානට අහක බලා සිටියා
( සමාවෙන්න, රැකියාවක් පහත් කොට කතා කිරීම මා අකැමැති දෙයකි නමුත් ඔතන
හිටපු උන්ට ත්‍රීවිල් පදවන්නන් කියා වත් ගෞරව කිරීමට මා කැමති නැත )

විනාඩි දහයක කාලසීමාවකදී එක් " ත්‍රීවිල් මහත්මයෙක් "
පණ අදින මළ නොමළ තරුණයා වහා ගෙනියන්නට උනා
" කාලකන්නියෝ " අතරේ " මහත්මයෙක් " දුටුවා

මේ සිදුවීම මා ඇසින් නොදුටුවත් , සිදුවීම දුටු ඔහු මා ඇමතු විලාෂයෙන්,
ඔහුගේ වියළුණු උගුර පෑදීමට උත්සහ කිරීමෙන්,
වෙව්ලන කටහඩින්,
ඔහුගේ සිතුවම මම මගේ මනසේ සිතුවම් කළ ආකාරයයි මේ ....

මෙහි ඔහු ; Neel Susantha

මම ; | අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.