Ads Top

" මනුස්සකම් ලේබලේ 2 "



ලේබලේ 

ගලවනවද ? අලවනවද ?
ගලවන්න ජාතිවාදී ලේබලේ 
අලව ගන්න මනුස්සකම් ලේබලේ 

උඹට උඹේ අල්ලාහ් වටිනවා නේද?
උඹට උඹේ ක්‍රිස්තුස් වහන්සේ වටිනවා නේද ?
උඹට උඹේ විෂ්ණු දෙවියෝ වටිනවා නේද ?
ඒයි උඹ බය උනාද ?
මටත් මගේ බුදු හාමුදුරුවෝ වටිනවා තමයි 
හැබැයි මට උඹල තුන්දෙනාවත් වටිනවා 
මගේ බුදු හාමුදුරුවෝ බුකියේ ප්‍රොෆයිල් එක බලලා මාව බෞද්ධයෙක් කරේ නෑ 
අන්‍යාගමිකයන්ට බැනලා තිබ්බනම් අන්න උඹ නියම බෞද්ධයෙක් කිව්වේ නෑ 
අල්ලාහ් දෙවියෝ කිව්වද ?
විශ්ණු දෙවියෝ ?
ක්‍රිස්තුස් වහන්සේ ?
උඹ මගේ යාලුවෙක් වෙනකොට ආගම ඉස්සරහට ආවද ?
උඹ වෙන ආගමක කියලා මම උඹව අයින් කරයි කියලා හිතනවද ?
අමාවකට හඳ පෑව්වත් උඹ මගේ යාළුවා , ඒ තැන නැති වෙන්නෑ 

- බය ???
ඇයි මම බය වෙන්නේ ?
උඹලව ආස්සරේ කරන නිසාද ?

උතුම් ධම්මපදයේ , ශුද්ධ බයිබලයේ , අල් කුරානයේ මේ කොහේවත් කියලා තියෙනවද 
අන්‍යාගමිකයෙක් ආශ්‍රය කරන්න එපා කියලා 
ම්ම් ? ? ?

මෙතන හතර වරිගයක් නෑ
දෙවරිගයයි ඉන්නේ
- ඒ කවුද ?
හොඳයි නරකයි කියල දෙන්නෙක් 
- ඇත්තටම ?
හ්ම්ම්


| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.