Ads Top

" බ්‍රාහ්මණ VS ශුද්‍ර "



බ්‍රාහ්මණ කුලයේ දුවකි නුඹ
ශුද්‍ර කුලයේ මවකි මම 


මාවත දිග පෙම් හමුවට යන නුඹ
ඒ මාවත පිරිසිඳු කරන මම

කුඩයක නෑ මට
හිස් වැසුමක නෑ මට
අත් බෑගයක නෑ මට
උස් අඩි සෙරෙප්පු නෑ මට

ඉදල් තලය ඇත මට
රබර් කෑලි දෙකක ඇත මට

නුඹ මම, අහස පොළව ලෙස
ජිවත් වෙමු අපි
එකම අහස යට
එකම පොළව මත


| අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.