Ads Top

ඔබව තෝරාගන්නා කෙනා සමඟ, ආදරයෙන් බැඳෙන්න

"ඔබව තෝරාගන්නා කෙනා සමඟ ආදරයෙන් බැඳෙන්න"

ජීවිතයට දුෂ්කරතා පැමිණෙන විට ඔබට ඇති දේ වෙනුවෙන් සටන් කරන කෙනෙක්, ඔබත් සමඟ එකට ශක්තිමත්ව සිටින බව අවධාරණය කරන කෙනෙක්, අමනාපකම් පරාජය කිරීමට හැකියාව ඇති, ජීවිතයේ අවුල් සහගත කොටස් පවා පාඩම් බවට හැරවීමට හැකියාවක් ඇති අයෙක් සමඟ ආදරයෙන් බැඳෙන්න.

විශාල අවුල් සහගත ලෝකයක ඔබ ප්‍රිය කරන ඔබේ සන්සුන් ස්ථානය වන;  ඔබේ නොසන්සුන් හදවත සන්සුන් කර එය තුළ ආරක්ෂිත ඉඩක් ගොඩනඟන අයෙක් සමඟ ආදරයෙන් බැඳෙන්න.

ඔබ කෝපි පානය කිරීමට කැමති ආකාරය මතක තබා ගැනීමට කාලය ගන්නා කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න, ඔබේ ජීවිතයේ ඇති ඉලක්ක වලට යාමට ඔබට හයියක් ශක්තියක් ලබා දෙන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න. ඔබ වෙත අවධානය යොමු කරන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න. ලෝකය ඔබව දුර්වල කිරීමට උත්සාහ කරන විටදී ඔබව ටිකක් තදින් අල්ලාගෙන සිටින කෙනෙකු වෙත ඔබේ ආදරය ලබාදෙන්න.ඔබව දැකීමට නොඉවසිල්ලෙන් සිටින කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න.

වඩා හොඳ පුද්ගලයෙකු වීමට ඔබව පොළඹවන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න. සුසාන භූමියක් තුළදී පමණක් ඔබ විශ්වාස කළ ඔබේ ආත්මය තුළ ඇති මනරම් මානයන් ඔබට පෙන්වන අයෙක් සමඟ ආදරයෙන් බැඳෙන්න. ජීවත් වීමට ආශාව ඇති කරවන, ඔබව සිනහමුසුව තබන්නට වෙහෙසෙන අයෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න. ඔබේ යහපත විශ්වාස කිරීමට ඔබව පොළඹවන, ඔබට සහයෝගය දක්වන, ඔබේ අරමුණ ගැන ප්‍රශ්න කරන සෑම මොහොතකම ඔබේ මනස සහ ඔබේ කුසලතාව නොපැකිලව ධෛර්යමත් කරන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න.  ඔබ ගැන ආඩම්බර වන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න.

වඩාත්ම වැදගත් දෙය නම් ඔබේ වැරදි තැන්, අවුල් සහගත තැන් පෙන්වා ඒවා නිවැරදි කරගැනීමට ඔබට උපකාර කිරීමට උත්සාහයක් ගන්නා කෙනෙකු සමඟ ආදරයෙන් බැඳීමයි.  ඔබේ ජීවිතය පුදුමාකාර ලෙස ලෙංගතුකමින්, සිනහවෙන් පුරවන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න. ඔබ කරන සෑම දෙයක් දෙසම බලාපොරොත්තු සහගතව බලා සිටින අයෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න.

ආදරය නැවත සොයා ගත හැකි, නැවත සිතා ගත හැකි, අවංක හා කරුණාවන්ත දෙයක් බවට පරිවර්තනය කළ හැකි බව ඔබට උගන්වන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න. ඔබ අවදානමට ලක්වීමට කැමති කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න, තවත් කෙනෙකුගේ හදවත කෙරෙහි විශ්වාසයක් තබා ගැනීම කමක් නැති බව ඔබට පෙන්වන, අන් අයට සෙනෙහෙවන්තව ලෙංගතුව සලකන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න; යමක් සඳහා ධෛර්ය සම්පන්නව උත්සහ කිරීම යහපත් බව ඔබට උගන්වන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න.

ඔබගේ ආරක්ෂිත ස්ථානය මෙන්ම ඔබට ආඩම්බරයක් වන කෙනෙකු සමඟ ආදරයෙන් බැඳෙන්න.  ඔබටත් මෙම පුද්ගලයා විය හැකි බව කිසි විටෙකත් අමතක නොකරන්න. සැලකිලිමත් බව ප්‍රගුණ කරන්න. ඔබට එසේ ආදරය කරන පුද්ගලයා පිළිබඳව ඔබට හැකි උපරිමයෙනුත් එහාට ගොස් සැලකිලිමත් වන්න.

බොහොම ආදරෙන්,

රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.