Ads Top

මේ ඒ ගඟමය

මේ ඒ ගඟමය
මීට පෙර ගලා ගිය ලෙසම
අහඹුවකි පැටලීම නැවත
ඉඟියකි වාසගම වෙනස් කළ බව

අතරමගකදි වෙලුන තෘණ පත
මැවු සිහින වෙයි ගලා යන
මුහුද ඔච්චමට සිනාසෙයි නැවත නැවත
ලුණු රස මදි බව සිහි කර කරම 

ප්‍රමාණය නොසලකා ඒ ගඟට
යලි යලිත් ප්‍රේමය බෙදනු වස්
අර ඉන්නෙ ඒ තෘණ පතමය
නිදාගෙන අපුරුවට ගං පතුලෙම

🖌 මකරි | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.