Ads Top

මම මේ රියැලිටියට බැඳී සිටිමි

නිහඬතාවයේ ඇලෙද්දී 
ඉඳහිට ඇහෙන වෘකයෙකුගේ 
මූසල උඩු බිරීමකින් 
මගේ සවනත සිදුරු වෙයි 
බෝඩිම් කාමරයේ ජනෙල පළුවෙන් 
ඇදී ආ හුදෙකලා හුළං රැල්ලක් 
උණුහුමක් හොයමින් හුන් 
මගේ ශරීරයට එක් කළේ 
තව තවත් සීතල පමණි 
රියැලිටියේ සිට ෆැන්ටසියට යාම 
කළ යුතු දෙයක් වුවද 
මම මේ රියැලිටියට බැඳී සිටිමි 
ඔහේ කියවමින් ඉන්නා 
යාන්ත්‍රික මිනිසුන් මැද 
කිසිවෙක් නොදොඩා 
දෑස් පියාගෙන 
මම මගේ ආත්මය අවදි කරමි 
එවිට මා උන්ගෙන් ඈතය 
උඹට මට කතිකාවතක් ගෙනයාමට 
මාතෘකා වූ කිසිවක් නැත 
ඉතිං මම යන්නෙමි 
නුඹේ ග්‍රහලෝකයේ 
ඒකාකාරී බවින් මිදෙන්න 
මගේ ග්‍රහලෝකයේ 
නිහැඬියාවෙන් ඇලෙන්න 
සැනසීමෙන් හුස්මක් හෙලන්න 
යමු මාත් එක්කම ...

රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.