Ads Top

ජීවිතය මගේ නොවූණට - ප්‍රේමයට ජීවිතය දුන්නේ මම !



නිහඬතාවය මැද,
සවන් ඇතුළත දෝංකාරය 
මගේ කියාගන්නා ජීවිතය 
ඇත්තටම මගේමද 
මම මම විදියට 
ඉපදුණේ මොකටද 
එය සොයාගත නොහැකිව 
තැනිතලාවක් මැද තනිව 
කැහෑ කැහෑ ලේ පෙරන ආත්මය 
මාත් සමඟම සෙමින් මියැදේ 
සමානාත්මතාවයෙන් 
වාරණ බිඳින ප්‍රේමය 
මිය යන මගී ආත්මය සමඟ 
අවංකව සිනාසේ 
තැනිතලාවේ හරි මැද 
ලෝකයේ ඇති කුහකකම් 
වේදනාවෙන් මං මිරිකෙන කල 
ඈතින් පෙනෙන පුංචි තරුවක් 
ඒ වෙතට එන ලෙස 
අඬගහයි මට 
ඉතිං මං යන්නම් 
දුෂ්ඨකමේ රුහිරය දුවන 
මිනිස් බැඳීම් වලින් ඈතට 
ප්‍රේමයේ ආධිපත්‍ය පිරුණු 
ඒ ආදරණීය තරුවට 

රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.