Ads Top

විසිරුණු සිතුවිලි

කොහේ හෝ තැනක 
මටම කියා ඉඩක් ඇති 
හුස්ම පමණක් හෙලන 
කුහක මිනිසුන් ඉන්නා 
හුළඟ හමාගෙන යන 
වටපිටාවකට වී 
ඔහේ ඉන්නට වීම ගැන 
කණගාටුවකට වඩා 
පසුතැවීමක් ඇත 
කාලකණ්ණි කමට 
ඉපදීම ලද්දා වූ උඹ, 
වාරණයකට කොටු වී 
පල් වූ වතුර මෙන් 
ජීවත් වෙමින් 
ගලාගෙන යන 
මගේ සිතුවිලි වලට සිනහ වෙමින් 
කිසිවක්ම නොදැන 
ඉපදී, මහළු වී මැරෙන්න ඉන්නා උඹ 
ඇත්තටම දන්නෙ මොනවද ? 
ඉතින් ඉපදියන්, 
හම්බ කරපන්, 
දරුවන් හදාපන්, වදාපන් 
ඊටපස්සෙ මැරියන් !! 
මම නුඹ නොවන කල 
මම "මම" ම වෙමි ! 

- රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.