Ads Top

Mindfulness තියාගන්නට ප්‍රැක්ටිස් එකක්, Covid 19 !

එක අතකට 
මේකත් හොඳ පරීක්ෂණයක් 
හොඳ ඇනලිටිකල් පාර්ට් එකක් 
අපි අපි ගැනම 
අපේ චර්යාවන් ගැනම 
ඇඳිරි නීතිය ලිහිල් කරපු 
මොහොතකට දෙකකට 
අපි හැසිරෙන්නෙම හරකුන් ලෙසට 
ගාල කඩාගත්තා වාගෙ හරියටම 
හැබැයි, 
හැංගෙන්නට ඕනෑම නම් 
කොරෝනා හොරගෙඩියාගෙන් ඔන්න 
සිද්ධ වෙනවා අපිට 
මාස්ක් දාගන්නට 
එහෙ මෙහේ නොඅල්ලන්නට 
මීටරයක පරතරය තියාගන්නට, 
හරියටම භාවනාවක් විදියට 
පුළුවනි අපිට මේක යොදාගන්නට 
Mindfulness ප්‍රැක්ටිස් කරන්නට  
මේ මොහොතේ ජීවත් වෙන්නට 
අපි කරන්නෙම නැති දෙය 
එයම වෙනකොට 
හැමදේම ඔටෝ පයිලට් වුණු කාලෙක 
නිකමට හිතන්න මෙහෙම 
කෙනෙක් එක්ක කතා කරනකොට 
අපි කරනා දේවල් 
අපි සිතනා දේවල් 
එකිනෙකට විරෝධිව පරස්පර 
ඉස්සර මට තිවුණා පුරුද්ද 
ඉන්නැද්දී කෝල් එකක
පෑනක් අරගෙන අඳින්නට 
පොඩි කටුබලිය 
ඇමතුම අවසානයේදී එය 
ඩූඩල් පිටකවරයක් කරන්ට 
ෆේස් ටු ෆේස් නම් කතාවක 
කොහේටම හරි ජැක් එකක් ගහගන්න 
ඇඟ කොහේටම හරි වාත්තු කරගෙන 
කතා බහේ යෙදෙන්නට 
එතන තීන්ත හෙමි හෙමීට ගලෝගෙනම 
පෝස්ටරයක් නම් 
කීතු කීතු වලට ඉරා දමන්නට 
ඒත් දැන් එහෙම බෑ 
අපිට සිද්ද වෙනවා 
අවනත වෙන්නට 
ජීවිත අතර වෙන බිලි පූජාව නැවතීමට 
ඉන්නට, ගණුදෙනු කරන්නට, අතේ දුර තියාගන්නට 
අවබෝධයෙන් 
කොරෝනාව එක්තරා විදියක 
ප්‍රැක්ටිස් එකක් 
මයින්ඩ්ෆුල්නස් තියාගන්ට 
මිනිසුන්ට !! 

- අනූ පෙරේරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.