Ads Top

දෙමළො එක්ක ක්‍රිකට් අතක් !


හැම සෙනසුරාදාවේම 
අමතක නැතුව 
අපි තුන් කට්ටුව 
මාත් නිම්මත් කුලයාත් 
දැනට ක්‍රියාත්මක මට්ටමේ 
නැති උනත් 
එකහෙළාම සිතුවේ 
දුවමුද අපි පිට්ටනියේ වට දහයක් 
සතියකට වතාවක් 
බඩ අඩු කරගැනීමේ ඒකායන අරමුණෙන් ! 
හරියටම සති දෙකක් එනම් වතාවන් දෙකක් 
අපි අපේ පොරොන්දුව ඉෂ්ඨ කළා එක සිතින් 
දැහැමි සිතින් හෙන භක්තියෙන් 
හැබැයි එක් දිනයකට එක වටයක් පමණක් 
දිව දණිස් කොනේ පටලාගෙන 
පිටිය මත හතර ගාතය දමාගෙන වුවද 
අපි කළේ ව්‍යායාමයක් විය යුතුමය 
ෆිව් මොමෙන්ට්ස් ලේටර් 
අපිට සෙට් උනේ 
පොඩි කොල්ලන් රැළකි 
ආ.. නෑ ඒ අතර එක කෙල්ලෙකි 
බාසාව නොදනී 
කතාව අතිනි පයිනි 
අපි සිහල උන් දෙමළ 
වා, පෝඩා විතරක් තේරිණි 
අවුලක් නෑ අපි අතිනුත් සෙල්ලම් කෙරුණි 
ක්‍රිකට් පිති ඩී අයි වයි ය 
බෝලය කැලේ පැත්තට ගියෝතින් 
ගහපු එකා සෙවිය යුතුය 
නීති රෙගුලාසි එමටය 
සෙල්ලම් කරනවාට වඩා වලි ය 
වැඩිමල් උදවිය වසයෙන් බේරන්නේ අපිය 
නැත්තම් හිතුනොත් අපත් වලි දමනවාය 
කෙසේ හෝ දිනනවාය 
නැතිනම් පරදිනවාය 
සරලයි එතරම්ම එය 
උන් බලාන ඉන්නෙම සෙනසුරාදාව එනකල්ය 
අපත් පසුවට එහෙමය 
අවසානයේ සැල්පියක් ගන්නවාය 
ලබන සතියෙත් අනිවා එන්න කියනවාය 
හැබැයි ඒ කියන්නේ දෙමළෙන්ය 
එනමුත් තේරුම් යනවාය 
මන්ද ඒ ආදරයේ විශ්ව බාසවය ! 

#අනුවා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.