Ads Top

ගැහැණියගේ වාරණ බිඳිමින් දුම්වැටිය උරන ඇනස්ටාෂියා


අවහන්හල නිහඬයි
කොහේ හෝ තැනක
මගේ හිත අතරමං වී
ඔහේ පාවෙමින් තිබෙයි
මගේ බීර වීදුරුව මට
දෝෂාරෝපණය කරයි
එය බොන්නට වත් සිහියක් නැතිව
මම ඔබ දෙස බලා සිටිමි
සැබවින්ම ජීවිතය යනු කුමක්දැයි
වටහා ගැනීමට මම
පුදුම තරම් වෙහෙසී
එය අතහැර දැමුවෙමි
නුඹ දුටු මොහොතේ සිට
ජීවිතය යනු කුමක්ද යන වග
හෙමි හෙමින් මට
වැටහෙන්නට පටන් ගෙන ඇත
මුග්ධ සමාජ සම්මතයෙන්
පිටට පැන යා යුතුය.
සමාජය සිගරට්ටුවට සසඳමි
එය උරමින්  අළු කරන
ආදරණීය ඇනස්ටාෂියා..
සමාජයද දවා අළු කළයුත්තේ නුඹයි..
ඉතින් මම නුඹට ආදරෙයි..
සමාජ සම්මතයට පිටින් යන්න
එතකොට ජීවිතේ හරි ලස්සනයි..
ඉතින් ඇනස්ටාෂියා,
මටත් උගුරක් දෙන්න ඔය සිගරට් එකෙන්..
අසම්මත වී සැනසීම ලබන්න
එවිට මටත් හැකිවෙයි..

- රැහැන් මාරා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.