Ads Top

"if i look so feminist, why you call me a broh?"

person sitting in the driver seat

"broh why you look so feminist ?"
පහු ගිය දවසක හිතවතෙක් අහනවා මගෙන් 
"if i look so feminist, why you call me a broh?"
ගැලපීමක් නොතේරෙන තැන පෙරලා ඇහුවා මං ඔහුගෙන් 
"ඒක මං පුරුදු උනේ තවුසේගෙන් ඕයි " 
ගෑණියෙකුට පිරිමියෙකුට විතරක් නෙවේ සතෙකුට සිව්පාවෙකුට,
ගහට කොළට පවා 
'බ්‍රෝ' කියන පුරුද්දක් තියෙන්නේ මට 
ලඟින්ම ආස්සරේ කරන උන් නම් දැන් ඒක පිළිගනීවි 
පොඩි හිනාවකුත් එක්කම, ඔව් මං හරි නේද ?
දැන් බහිමු කාරණාවට ! 
ඇත්තට මොකද්ද දැන් ඒ ෆෙමිනිස්ට් කතන්දරේ 
මාත් උඩ බිම බැලුවා එවෙලේම 
මොකද මම නියෝජනය කළේ නෑ 
කිසිම කාන්තා සංවිධානයක්, කුලඟන සමිතියක් 
ගැහැණුන්ට සම තැන තියා නිසි තැනවත් ඉල්ලලා 
මං අඬා වැලපිලා නෑ 
හැබැයි පිරිමියෙකුට කොමන් සෙන්ස් එකක් තියෙන්නට ඕනෑ 
ගරුත්වය ලැබිය යුතු ගෑණියකට ගරු කරන්නට, 
සම තැන දෙන්නට, 
නිසි තැන දෙන්නට 
එහෙම නැතිනම් හරි මං දොස් කියන්නම් ගැහැණුන්ටම 
මොනවද බං උඹලා ඉල්ලන්නේ ? 
ඉල්ලන්න, හිඟමන් යදින්න මොනවද උන් අපෙන් ගත්තේ? 
fuck nothing ! 
උඹට නිදහස තියෙනවා 
උඹ හිතන යහපත් ඕනෑ සිතුවිල්ලක් ක්‍රියාත්මක කරන්නට 
අනික මේ ලංකාව, මැදපෙරදිග රටක් නෙවෙයි 
මේ රටේ නීති හදලා තියෙන්නේ මිනිසා කියන කැටගරියට මිස 
පිරිමින්ට, ගැහැණුන්ට කැටගරි දෙකකට නෙවෙයි 
තවදුරටත් මේක පීතෘ මූලික සමාජයක් ලෙස මම දකින්නේ නෑ 
මොකද මං දැකලා තියෙනවා 
ගැහැණුන්ගේ පඩියෙන් ජිවත් වෙන පිරිමින් 
සොරි මට වැරදුණා,
ගැහැණුන්ගේ පඩියෙන් ජිවත් වෙන පව් නොදී මැරෙන්නැති අමු බේබද්දන් 
තමන්ගේ ගෑණි ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි අනියම් ගෑණු කරගහපු පෙරේතයින් 
ඒ ළමයව තනියම උස් මහත් කරපු single අම්මාවරුන් 
දික්කසාදයකින් පසු අති සාර්ථක වුණු ව්‍යාපාරික කාන්තාවන් 
රටේ ආර්ථිකයට කරට කර වැඩ කරන ඉහළ තනතුරු වල ගැහැණුන් 
ඒ වගේම එතැනට යන්නට තම බිරිඳට උදව් කරන මහත්තුරුන් 
feminist කියාගෙන 
පිරිමි සංහතියට වෛර කරන ගෑණියෙක් වෙන්ඩ 
මගේ තුන් හිතකවත් නෑ 
හැබැයි මිනිහෙකුට බුද්ධියක් තියෙන්නම ඕනෑ 
මානවයා අනෙකා පරයා යෑම වෙනුවට 
උනුන් එකිනෙකා සාර්ථක වෙන්නට උදව් කරගන්නට ඕනෑ කියන 

#අනුවා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.