Ads Top

මේක කොළොම්පුරය වාණිජ නගරය කළ ගොඩයන් ට !




කන්ටේනර් පෙට්ටියකට 
ස්ට්‍රෙස් බෝල පටවන්නේ කෙසේද 
අන්න ඒ ආකාරයටම පැටවෙනවා 
සවුදා උදේක 
කොළොම්පුරයට හති දාගෙන වැඩට එන 
පිටිසර ගම් වල මිනිසුන් 
පොෂ් ඔයාට අනුව 
අපි ගැමියන් 
කොළොම්පුරය වාණිජ නගරයක් කළ අපි 
හද්දාම ගොඩයන් 
ලංකාව තනන්නට ලංකාව බබළවන්නට 
රටේ ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 53% ක් ම 
නියෝජනය කරන උන් 
ඔබේ නිර්වදනට අනුව පිටිසරයින් 
ඒ කියන්නේ පසුගිය වසර 20 තුළ 
කොළොම්පුරයට වන 
නගරයේ ශ්‍රම සේවයත් ග්‍රාමීය ශ්‍රම සේවයත් අතර 
අනුපාතය 1 : 6 
මේ මං හොයාගත්ත විදියට 
මේ ඩේටා ටික ගූගල් කළොත් 
ඔයාටත් හොයාගන්ඩ හැකියි 
හැබැයි මට කියන්නම උවමනයි 
උන් කොළොම්පුරයට එන යන විදිය 
නෑ එක්කොත් අපි මෙහෙම කරමු 
ඔපීසියේ ඔයාගෙ අතින් කටින් 
විහිළුවට හරි බයිට් වෙන 
ඒ ගොඩයගෙන් අහලා දැනගන්ඩ සීරියස් 
ඌ වැඩට එන්ඩ කෝච්චිය අල්ලා ගන්ඩ නැගිටින්නේ කීයද බව 
ඌ එන කෝච්චියේ ඉඳගන්න සීට් එකක් හම්බෙනවද බව 
ඉස්ටේසමක් දෙකක්වත් පහුවෙනවා මතකද බව 
හිටගෙන එනවා නම් 
මනුස්සකමට සීට් එකක් කොයි හරියෙන් වගේ ප්‍රධානය වෙනවද බව 
බැඳලා නම් පවුල් ජිවිතයක් ගෙවෙනවාද 
කායික ආසාවන් මගටම ගෙවෙනවාද බව 
කාර්යාල දුම්රියක ගමන් කරනවා නම්  
බහිස්රාවී කටයුත්තක් කරගන්නේ කෙලෙසද බව 
සීට් එකක් අල්ලාගන්න 
මව්කුසට එන ශුක්‍රාණුවක් සේ පොරබදනවාද බව 
කොටුව ඉස්ටෙසමේදී ඔටෝ නැගිටිනවාද 
නැතිනම් නන්නාදුනන කවුරුම හරි තට්ටුවක් දාගෙන යනවද බව 
යාළුවෝ එක්ක තමන්ට ගිලිහුණ ආතල් එක 
පෑන් දෙකකින් දොර පළුවකට තට්ටු දමමින් ගන්නවද බව 
අත හිරි වැටෙනකම්ම අල්ලාගෙන 
ෆුට්බෝර්ඩ් එකේ කොලොම්පුරයටම එනවද බව 
හිටගෙන නින්ද යද්දී එකපාරට දණිස් පණ නැතුව 
වැටෙන්න වාගේ යනවද බව 
අර නිල් පාට තැඹිලි පාට ප්ලාස්ටික් සීට් වල 
කොහොමද උඹ පුක තියාන එන්නේ බව 
අහාපන් ! නිකමට අහාපන් ! 
එතකොට තේරෙයි 
රටේ productivity එක මගටම දිය නොවුණා නම් 
ඒ ගොඩයනුත් යක්කු බොලව් බව !! 

#අනුවා 


Siththam Maya | Anu Perera. Powered by Blogger.