Ads Top

උඹලාත් වරෙන් කියෝපන් ලියාපං !


two man and woman holding cups on tables

මං හිතන්නේ
මේක මං අවස්ථාවක් කරගත යුතුමයි
උඹලා හැවෝටම ස්තූතිවන්ත වෙන්ඩ 
අවුරුද්දෙන් බාගයක් 
මං ඈත් වෙලා උන්නේ 
සිත්තම් මායාවෙන් 
පහුගිය දවසක දිගට හරහට 
ඊ මෙයිල්ස් වගයක් එන්න ගත්තා මට 
අලුත් කරාපිය මාගෙ නම 
අප්ඩේඩ් කරාපිය මාගෙ උපන් තැන 
යකාට ගියාවේ කියලා ඉන්නකොට 
අයි ටී ගුරෙක් කීවා ඩොමේන් එක ගනින් ලෙස 
ඕනෑ එකක් ප්‍රීත්‍රි වෙසක් කියලා හිතනකොට 
අත අරින්නත් හිත නෑ 
මොනවා උනත් 
ඒකිත් මගෙ දරුවෙක්ම වුණුකොට 
ආයුබෝවන්ඩ එහෙනං කියලා 
මේ ළඟකදී පටන් ගන්නකොට 
උඹලත් අත ඇරලා නෑනේ 
කලින් හිටි ඕඩියන්ස් එක නැවත එනකොට 
අම්මපා මං හිතුවෙම 
මකුළු දැළුත් බැඳලා ඇති වග 
කී බෝර්ඩ් එකක් නෙවේ අරං ගොඩ වැදුනේ කොස්සක් මම 
ඒක නෙවේ කියාපම් මට මේක 
අර මං නොලී දවස්වල 
උඹලා මොනාද මේකේ හෙව්වේ පණ දාගෙන 
නෑ කියන්නෙපා බැලුවා මං ස්ටැට්ස් පහුගිය හවසක  
බීගෙන හිටිය කෝපි එකත් පිට ගිරියෙ ගියා මට 
පද ගැලපෙනවද, රයිම් වෙනවද බැලුවේ නෑ හිතවත 
හදවත කිව්ව රිද්මෙට ටයිප් කළා වේගෙන් පට පට 
ආහ්.. තව එකක් කියන්නම ඕනෑමය 
කලින් මේකේ ලිව්ව මකරිය, වරුණයා 
දැන් ජීවත් වෙනවද 
මගකදි මුණ ගැහුණොතින් ඒ නරියන් උඹලට
දීහන් මේ උපහාරෙන් ටිකක් හරි ලෝබෙට 
ඔක්කොම ඇරගෙන කරනවා ආරාධනාවක් තොපි හට 
වෙන මොකේටවත් නෙවේ ලියාපල්ලා 
මේ සිත්තම් මායාවට 
anu@siththammaya.com 
මේ මගෙ විද්‍යුත් ලිපිනය 
අපි ලියමු අඹරමු මොනාමහරි 
හරි කුණු රහකට ! 

#අනුවා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.