Ads Top

ඇයට මා ආදරය කරන බව පිළිගත යුතුමයි !

man with cigarette on mouth

මට ඇත්තම කියන්ඩ මැණික 
කොහොමද අපේ ආදර කතාව 
එච්චරටම ප්‍රේමවන්ත වුණේ 
සත්තකින්ම 
ආදරය ඉතසිතින් කරන්නට දෙන්නට 
දන්නා මිනිහෙක් නෙවේ මම 
නුඹ දන්නවා මා ගැන 
කිසි ගටක් නැති එකෙකු බව 
මගේම දෑස් අද්දර  
මගේම යහළුවන් නුඹට 
පෙම් වදන් කියන බව 
නුඹව අතපත ගානා බව 
අහකට පලයං අහකට පලයං 
එච්චරමයි මට කියාගන්න උනේ 
ඉතිං නුඹ තරහින්ද ? 
නුඹේ සිත රිදිලා ද ? 
නිහඬව ඉන්නෙපා මොනාම හරි කියන් සොඳුර 
බහින් බස් වෙවී අපි අල්ලාගමු 
ආදරයේ ඉමක් නොපෙනෙනා කොනක් නැවත 
එහෙමත් නැත්තම් මේ දැන් යමුද එළියට හොරාටම 
හඳ නම් පේන්නෑ ඒත් තියෙනවා 
තරු එක දෙක හරි ලස්සනට 
පාරත් කියයි නැතත් ලයිට් කණු එළිය 
එද්දිනම් රෑ උනත් මොකෝ මං නුඹ ළඟම 
දකින උන් කතා නම් හදයි තමා 
ඒත් ඉන්නවනේ අපි අපිට 
ලෝකෙන්ම හැංගිලා හැමදාම කරන්න බෑනේ 
මේ පෙම් පළහිලව්ව 
අවසරෙත් ගන්ඩ හැකිවෙයි 
මහරාණිය දන්නවා අපෙ හුටපටය 
හරි එහෙමත් ගණන් උස්සනවානම් 
අරං දෙන්නම්කෝ හොඳම වර්ගෙන් 
පැට්‍රොල් අද ෆුල් ටෑන්ක්ම 
ඉතිං ඩියානා මැණික 
මට කියන්ඩ 
උඹ තාමත් තරහින්ද 
වෙන එකෙක් අතපත ගෑවාට 
විනාඩි දහයකට හංදියට
නුඹව ඉල්ලාගෙන ගියාට 

- බයික් එකට හදවතින්ම ආදරේ කරන එකෙක් - 

#අනුවා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.