Ads Top

හඬපට අහන උඹට ගහන්ඩ ඕනෑ මුලින්ම !

Image result for ranjan ramanayake hirunika

මේ රටේ ජනතාව 
තාමත් ටයි කෝට් දමන 
අමුඩ ලේන්සුව කරේ තියාන ඉන්න 
අමු මෝඩ වහල්ලු ටිකක් බව කීවොත් 
උඹ එකඟ නොවෙනවාද ? 
බඩට වේලක් දාගන්න බැරි මුඩුක්කු වල 
අඳින්න වස්තරේ නැති උන් ලඟ 
අද දැවෙන මාතෘකාව 
'හඬ පට' 
ලීක් වුණු මුල හුරේ දමා හිනා වුණු 
නොන්ඩි වේවි හතර අතේ පජාත වුණු උන් 
පාර්ලිමේන්තුවේ කළ කතාවන් 
අද වීරත්වයේ සංකේතය කලේ 
උන් නෙවෙයි බං අපිමයි 
අපිත් හරියට රූකඩ වාගේ 
ගහන ගහන පදයට නටන 
කියන කියන අතට හැරෙන 
කට හදන විදියට අරින වහන 
උන්ගේ චරිත හත්පොලේ ගාන 
උන්ටම චරිත සහතික දෙන 
අපි මොක්කුද බං 
හොඳාකාරවම දන්නවා අපි දැන් 
රටේ නැගිය යුතු කතිකාවතක් එන හැම මොහොතකම 
මෙවන් නාඩගම් පෙන්වලාම 
අපිව මෝඩයාට අන්දවනා බව 
කලින් කලට ලංකාවේ කාලින ජෝක්ස් එක විදියට 
එක එකාව නොමිනේට් කරලාම 
උන්ටත් දැන් මහන්සි ඇති හරි හරියට 
නිකමට මෙහෙම හිතන්න 
එකෙක් විනාඩි පහක හඬපට දෙකක් 
දවසට අහන ලෙස 
ඒ ගැන විනාඩි විස්සක් 
හිත මිතුරන් සමඟ ඕපදූපයේ යෙදෙන බව 
එකෙකුට පැය බාගයක් දවසට 
එවන් නිකමන් දහයක් සිටියොත් පැය පහක් දවසට 
සියයකට පැය පනහක් 
ඒ කියන්නේ දවස් දෙකකටත් වැඩියෙන් සිය දෙනෙකුට විතරක් 
හඬපට දෙකක් ගැන ඕපදූපයේ යෙදෙන්න හැකියි 
මිලියන 21 ක් ඉන්න පොඩි රටක සිය දෙනෙකුට විතරක් පුළුවන් 
දවස් දෙකක් එහෙන්පිටින්ම කාලකණ්නි කරලා දාන්ඩ 
වැඩි දවසක් යන්න කලියෙන් 
ලංකාවට අදටත් adsense නොදෙන google සමාගම 
youtube පවා වාරණය කරන්න බැරි නෑ 
මේ යන විදියට ! 
ඒත් තාමත් අපිට පුළුවන් gossip කාරයන්ට වැඩිය 
ලංකාවට creative මිනිස්සු හදන්නට creators ලා ගොඩනගන්නට !!

#අනුවා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.