Ads Top

ජංගමයට දිය වෙන Youth එක




බස් එකේ ජනෙල් කවුලුවෙන් මම දැක්කෙ ඈතට විහිදෙන වෙල් යායවල්, ඉර එලිය වැටිච්ච කදු පන්ති, පාරෙ එහා මෙහා යන මිනිස් ජීවිත. ඊලගට මම ඇහැ කරකවලා බැලුවෙ ලග ඉන්න ගෑනු ලමයා දිහා. සීඝ්‍රගාමි දුම්රියක් වගේ වේගෙන් එයාගෙ ඇඟිලි පෝන් එකේ ඒ මේ අත දුවනවා. තනියම හිනාවෙනවා. නවාගෙන හිටපු බෙල්ල ඉස්සුවෙත් මං හිතන්නෙ බහින්න කිට්ටු වෙනකොට. එයා කියලා වෙනසකුත් නෑ ඉතින් අද යූත් එකෙ ඉන්න ගොඩක් දෙනාගෙ ලොකුම සහ වැදගත්ම රාජකාරිය තමා පෝන් එක. සමහර විට සහෝදරයා, සහෝදරී උඹත් එහෙම චරිතයක් වෙන්නැති.

බස් එකක හෝ දුම්රියක වේවා යන වාහනෙ මොකක් වුනත් වටේ පිටේ වෙන්නෙ මොනාද, පාරෙ දකින්න තියෙන්නෙ මොනාද කියලා උඹලට මතකයක් නැතුව ඇති. පාර මාරු වෙන තැන, බස් එක, දුම්රිය, මේ කොහේ කොහොම හිටියත් එක්කො හෙඩ් සෙට් එක ගහගෙන සින්දු අහනවා, නැත්තම් මල් කඩනවා ඒත් නැත්නම් බුකියෙ සැරිසරනවා. ලඟ ඉන්න මනුස්සයා වෙලාව ඇහුවත් ඒක ඇහෙන්නෙත් නැති තරමට කන් අඩි පැලෙන්න හෙඩ් සෙට් කනේ. තමන් යන වාහනේ ඇක්සිඩන්ට් වුනත් ඒක දන්නෙත් ආපහු සිහිය ආවොත් තමයි. ඒ තරම්ම වශීකාරක භාණ්ඩයක් තමා මේ ස්මාර්ට් ෆෝන් එක.


හැබැයි මේ වශිය හින්දා උඹට ජීවිතේ ගොඩක් සුන්දර, වටින අවස්ථා මග ඇරිලා නැද්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. අම්මා තාත්තා පවුලේ අය එක්ක මීට කලින් විනෝදෙන් සතුටින් හිටපු කාලෙ අද ෆෝන් එකට සීමා වෙලා, ඉඩක් ලැබෙන හැම මොහොතෙම එල්ලෙන්නෙ ෆෝන් එකේ. කරන්ට් එකත් ගිහින්, ෆෝන් එකේ බැටරිත් බැහැපු දවසට තමා එ් අය මතක් වෙන්නෙ. මනුස්සයෙක්ට කරදරයක් වුනාම ඒ කෙනාට උදව් කරනවා වෙනුවට ඒකත් පුළුවන් නම් වීඩියො කරලා නැත්තම් ලයිව් අප්ඩේට් එකක් විදියට යූ ටියුබ් එකට හරි බුකියට හරි අප්ලෝඩ් කරලා ආතල් ගන්න යූත් එකක් අපි අතර ඉන්නවා. මතකනේ ඒ වගේ සිද්ධි කීපයක්ම රටම කලඹපු හැටි. අවදානම් ස්ථානවල සෙල්ෆි ගන්න ගිහින් වටින තරුණ ජීවිත කීයක් නම් නැති වුනාද?

ශරීරයෙ කොටසක් නැති වුනත් ෆෝන් එක නැතුව එක මොහොතක් ඉන්න බැරි තරමටම අපේ උන් මේකට ඇබ්බැහි වෙලා. බස් එකේ, මහ පාරේ, ඔෆිස් වල මේ කොහෙදිත් අද වැඩිපුර දකින්න ලැබෙන්නෙ ඇස් ගෙඩි දෙක ෆෝන් එකට ඔබා ගත්ත මූණූ. තාක්ෂණය ඕන, ස්මාර්ට් පෝන් එකත් දැන් කොහොමත් ඕන තමයි. හැබැයි සහෝදර යූත්වරුනි සැබෑ ලෝකෙ තියෙන්නෙ ඔය හතරැස් පෝන් එකේ නෙවේ. ඒ සීමාවට එහා ගිය අසීමාන්තික ලෝකයක් තමයි ඇත්ත ජීවිතේ අපේ ඉස්සරහ තියෙන්නෙ. අද වෙනකොට ඒ රියල් ලෝකේ යූත් එකේ ඉන්න ගොඩක් උන්ට පේන්නෑ, ඇහෙන්නෑ. ලේ නහර වලට කිදා බහින තරමටම පෝන් එකත් එක්ක හදා ගත්ත අමුතු ලෝකයක ගොඩක් උන් ජීවත් වෙන්නෙ. ඔය ලෝකෙන් වරෙන් එළියට. ඇවිත් හිතපන්. පෝන් එකේ වහලෙක් නොවී ඔළුව පාවිච්චි කරලා ඒකෙන් වැඩ ගනින්. එදාට උඹ දිනුම්.


#KD


Siththam Maya | Anu Perera. Powered by Blogger.